රංජිත් රාජපක්ෂ
තමන් වසර ගණනාවක සිට පානිය ජලය ලබා ගන්නා ප්‍රධාන ජල මුලාශයක් හරස් කරමින් පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට ජලය ලබා ගැනිමට උත්සහ කරන බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් තේ කර්මාන්ත ශාලාව වටලා අද (13) උද්ඝෝෂනයක් ඇරඹුහ.
නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් බිලින්කිබොනි වතු යායේ අලුතින් ඉදිකර තිබෙන තේ පෙති වශයෙන් නිෂ්පාදනය කරනු ලබන පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට වතුකම්කරුවන් උද්ඝෝෂනය ආරම්භ කර තිබිණි.
එම තේ කර්මාන්ත ශාලාවට ඉහලින් කදුමුදුනේ සිට පහලට ගලා බසින ප්‍රධාන ජල මුලාශයක් හරස් කරමින් පහලට ගලා බසින ජලය එම තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සදහා ලබා ගැනිමට එම තේ කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය මේ දිනවල කටයුතු කරමින් සිටින සිටින බව උද්ඝෝෂකයෝ සඳහන් කරයි.
එම තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනු ලබන විශේෂ තේ පෙති සදහා විශාල ජල ප්‍රමාණයක් දිනකට අවශ්‍යය බවත්, තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සදහා තමන් මෙතෙක් පානීය ජලය ලබාගත් ජල මුලාශවල ජලය ලබාදිමෙන් තමන් ගැටළු රැසකට මැදිවන බවයි වතු කම්කරුවෝ පවසති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නොර්වුඩ් වතුකම්කරුවෝ උද්ඝෝෂණයක