IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වීසා නොමැතිව සිටි විදේශිකයෙක් අත්අඩංගුවට


 
තුසිත කුමාර ද සිල්වා
 
මාස 10ක පමණ කාලයක් වීසා නොමැතිව මෙරට විවිධ ප්‍රදේශවල රැඳී සිටි 45 හැවිරිදි සිංහල භාෂාව කතා කළ හැකි විදෙස් ජාතිකයකු අද (13) අලුත්ගම දී අත්අඩංගුවට ගත් බව  අලුත්ගම පොලීසිය සඳහන් කරයි.

මෙම විදේශිකයාගේ විදෙස් ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී ඉන්දියාව මාලදිවයින නේපාලය වැනි රටවල බහුලව සැරිසැරූ අයෙකු බව අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.

ස්ථිර ස්ථානයක රැඳී සිටින්නකු නොවන බවත් අලුත්ගම ඩිපෝ හන්දි ආසන්නයේ වෙළඳසැළකට ගොස් එම සේවකයන් සමඟ ඇති කරගත් ආරවුලක් හේතුවෙන් සැකකාර විදේශිකයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර විදේශිකයා මෙරට තැන තැන ඇවිද  යාමෙන් සුළු සුළු රැකියාවන් කර දිවි ගෙවන්නකු බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. සැකකාර රුසියානු    විදේශිකයා අද(13) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 



අදහස් (0)

වීසා නොමැතිව සිටි විදේශිකයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32157 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14623 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 56 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 320 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1258 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site