(අජිත්ලාල් ශාන්තඋදය)
රජයේ පාසල්වල ගුරුවරු සහ විදුහල්පතිවරු අද(13) අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් සබරගමු පළාතේ පාසල් 1,114ක අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් අඩාලව ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.
සබරගමුවේ 98%ක් ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තාකර තිබූ බවද ඔවුහු කීහ.
පාසල් බොහෝමයක දරුවන්ගේ පැමිණීම විශාල වශයෙන් අඩු බව මව්පියෝ පැවසූහ. බොහෝ පාසල්වල ගුරුවරුන් පෙර දිනයේ දරුවන් දැනුවත් කරමින් අද පාසල් නොඑන බව දන්වා තිබුණි.
සිසුන්ගේ ආරක්‍ෂාව සලකා පාසල් දරුවන් ආපසු හරවා යැවීම සම්බන්‍ධයෙන් තීරණ ගැනීමේ අයිතිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් වෙත පැවරූ බව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතා පැවසුවේය.
ඒ අනුව සෑම දරුවන්ගේ ආරක්‍ෂාවට බොහෝ පාසල්වල දරුවන් ආපසු හරවා යවනු ලැබිණි.
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගුරුවරු 22,000ක් පමණ සිටින අතර පාසල් සිසුන්ගේ සංඛ්‍යාව 396000කි.
ගුරු - විදුහල්පති සේවා ඒකාබද්ධව අද(13) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් අ.පො.ස. උසස් පෙළ සිසුන්ගේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට බලපෑමක් එල්ල වන බැවින් ඒ ගැන අවධානය යොමුකරන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාට ලියුමක් යොමු කර ඇත.
සිය ඒකාබද්ධ විරෝධතාව ගැන මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සහ පළාත් අධ්‍යාපන ලේකම්වරුන් දැනුවත් කර ඇතැයි ද ඒ නිසා අදාළ සිසු පිරිසට ගැටලුවකින් තොරව විභාග කටයුතුවලට සහභාගීවීමට පහසුකම් සලසන්නැයි ද ගුරු සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලයි.
සිය වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා විභාග දෙපාර්තමේන්තුව අපහසුතාවයට පත්වන්නේ නම් ඊට කනගාටුව පළකරන්නේ යැයි ද ලංකා ගුරු සේවා සංගමය යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලෙඩ නිවාඩු නිසා සබරගමුවේ පාසල් 1,114ක කටයුතු අඩාලයි
sarath Wednesday, 13 March 2019 04:56 AM
පෙරටුගාමි කඩාකප්පල්කාරී මස් රාත්තලම ඉල්ලීම සහ ඇමතිවරුන්ගේ ඉල්ලීම් කිසිවක් ගණනකට නොගැනීමේ ප්‍රතිපත්තියේ ප්‍රතිපල. ලංකාව එන්න එන්නම ජීවත් වෙන්න නුසුදුසු තත්වයට පැමිණෙමින් පවතී.