(අශෝක තිලකරත්න )
තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් ඇමරිකානු ඩොලර් 595ක් සොරකම් කළ බව කියන හෝටල් සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය පවසයි.
සැකකරුවන් ළඟ තිබී සොරකම් කරන ලද මුදලෙන් ඇමරිකන් ඩොලර් 286ක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා අද(13) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
තංගල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd