(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර බන්ධනාගාරයේ රැඳෙවියන් හට අළෙවි කිරිම සදහා රැගෙනවිත් තිබු මත්කුඩු සහ කේරළ ගංජා සමග ජේලර්වරයෙකු ඊයේ (08) රාත්‍රි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම, කළාකරඹැව ලිපිනයේ පදිංචි 35 හැවිරිදි ජේලර්වරයෙකි.
මෙම ජේලර්වරයා බන්ධනාගාරය තුලට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට ලද තොරතුරක් මත සිදුකල පරීක්ෂණයේදී ඔහු සන්තකයේ තිබි මත්කුඩු ග්‍රෑම් 03 ක් සහ මිලිග්‍රෑම් 160, කේරළ ගංජා ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 410ක් සමග අත් අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා අනුරාධපුර පොලිසියට භාරදී තිබේ.
සැකකාර ජේලර්වරයා අද(09)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත විය.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd