(ක.ග. කරුණාරත්න)
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ඒවා ආපසු ගෙවා ගැනීමට නොහැකිව පීඩා විදින පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ කාන්තාවන්ගේ සංවිධාන එකමුතුව විසින් අද (8) හිඟුරක්ගොඩ නගරයේදී උද්ඝෝෂණයක නිරතවූහ.
දහසකට අධික කාන්තාවෝ ඊට සහභාගී වී සිටි අතර, ඔවුහු එක හඬින් කියා සිටියේ තමන් විසින් ලබාගෙන මෙතෙක් ගෙවා ගැනීමට නොහැකි වී සිටින හිඟ ණය සියල්ල අහෝසි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.
ස්වභාවික අපල උපද්‍රව, නියගය, කෘමි හානි ආදි විවිධ හේතුන් නිසා තම වී ගොවිතැන් විනාශ වීමත්, ණය ලබාගෙන ආරම්භ කරන ලද ස්වයං රැකියා අසාර්ථක වීමත් නිසා තමන්ට මේ ණය සහ පොලිය ගෙවා ගැනීමට නොහැකි වූ බවද, එම කාන්තාවෝ කියා සිටියහ.
හිඟුරක්ගොඩ මහසෙන් මන්දිරය අසලින් ආරම්භ වී හිඟුරක්ගොඩ නගරය වෙත පැමිණි මේ විරෝධතා පා ගමනට පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සියලූම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් ගම්මාන රැසක ක්‍ෂද්‍ර මූල්‍ය ණය ලබාගෙන සිටින කාන්තාවෝ පැමිණි බව එහි සංවිධායකවරු පැවසූහ.
2025 දෙසැම්බර් මස 18
184
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොළොන්නරුවේ කාන්තාවෝ උද්ඝෝෂණයක