(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වකුගඩු රෝගී දරුවකුගේ ශල්‍ය කර්මයකට මුදල් ආධාර ලබාදෙන්නැයි ව්‍යාජ ටිකට්පත් මුද්‍රණය කර මුදල් එකතුකරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.
ඔවුන් රැස් කරන ලද රුපියල් 8,000ට ආසන්න මුදලක්, ව්‍යාජ ටිකට් පොත් හතක්, ව්‍යාජ වෛද්‍ය සහතික, කල් ඉකුත් වූ ග්‍රාම සේවා සහතිකයක් සහ ශබ්දවාහිනී යන්ත්‍රයක් සවි කළ ත්‍රී රෝද රථයක් පොලිසිය බාරයට ගෙන ඇත.
සැක සහිත වෛද්‍ය සහතික සහ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් ත්‍රී රෝද රථයකින් පැමිණි පුද්ගලයන් කිහිපදෙනෙකු මුදල් අයකරන බවට 119 හදිසි ඇමතුම් අංකය හරහා පොලිසිය ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පහළොස් හැවිරිදි දරුවකුගේ ඡායාරූපයක්ද සහිත මෙම ටිකට් පොත් රුපියල් 50 සහ 100 මුදලට අලෙවි කරමින් සිටි බව පොලිසිය කියයි.
පානදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 18
184
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවකුගේ ශල්‍යකර්මයක් කියා ආධාර එක් කළ 5ක් අත්අඩංගුවට
ලසන්ත Friday, 08 March 2019 07:01 AM
මෙවැනි දේ ඇහැලියගොඩ ජනතාවට නම් අරුමයක් නැහැ. සතියකට දවසක් දෙකක් කවුරු හෝ මෙලෙස ආධාර එකතු කරනවා. පරීක්ෂා කරන කෙනෙකුත් නැහැ