(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වකුගඩු රෝගී දරුවකුගේ ශල්‍ය කර්මයකට මුදල් ආධාර ලබාදෙන්නැයි ව්‍යාජ ටිකට්පත් මුද්‍රණය කර මුදල් එකතුකරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.
ඔවුන් රැස් කරන ලද රුපියල් 8,000ට ආසන්න මුදලක්, ව්‍යාජ ටිකට් පොත් හතක්, ව්‍යාජ වෛද්‍ය සහතික, කල් ඉකුත් වූ ග්‍රාම සේවා සහතිකයක් සහ ශබ්දවාහිනී යන්ත්‍රයක් සවි කළ ත්‍රී රෝද රථයක් පොලිසිය බාරයට ගෙන ඇත.
සැක සහිත වෛද්‍ය සහතික සහ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් ත්‍රී රෝද රථයකින් පැමිණි පුද්ගලයන් කිහිපදෙනෙකු මුදල් අයකරන බවට 119 හදිසි ඇමතුම් අංකය හරහා පොලිසිය ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පහළොස් හැවිරිදි දරුවකුගේ ඡායාරූපයක්ද සහිත මෙම ටිකට් පොත් රුපියල් 50 සහ 100 මුදලට අලෙවි කරමින් සිටි බව පොලිසිය කියයි.
පානදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේ ඇහැලියගොඩ ජනතාවට නම් අරුමයක් නැහැ. සතියකට දවසක් දෙකක් කවුරු හෝ මෙලෙස ආධාර එකතු කරනවා. පරීක්ෂා කරන කෙනෙකුත් නැහැ