(ඩී.ජී.සුගතපාල)
සීමා සහිත අක්මීමණ විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රාදේශික කාරක සභා ඡන්ද විමසිමේදී ප්‍රාදේශික දෙකක් වෙනුවෙන් ව්‍යාජ අත්සන් යොදා නාම යෝජනා පත්‍ර දෙකක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද දෙදෙනෙකු එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා අද (07) නියෝග කළේය.
ගාල්ල දිස්ත්‍රික් සමුපකාර සංවර්ධන උප කොමසාරිස්වරයාගේ නියමය පරිදි සමූපකාර සමිතියේ ප්‍රාදේශික කාරක සභා ඡන්ද විමසීම සඳහා නාම යෝජනා කැඳවනු ලැබූ අවස්ථාවේ අඹගහවිල ප්‍රාදේශිකයට පුද්ගලයෙකුගේ නමින් බාරදී ඇති එක් නාම යෝජනා පත්‍රයක්ද කලහේ ප්‍රාදේශිකයට කාන්තාවකගේ නමින් බාරදි ඇති එක් නාම යෝජනා පත්‍රයක්ද ව්‍යාජ ඒවා බවට ලැබුණ තොරතුරක් අනුව සමූපකාර සමිතියේ සභාපතිවරයා විසින් පොලිසියට පැමිණිලි කර ඇත.
ඉල්ලුම්පත්‍රවල නම් සඳහන් දෙදෙනාද ප්‍රකාශයන් ලබාදෙමින් පවසා ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා අතර තමන්ගේ කිසිම අනුදැනුමකින් තොරව ලබාදී ඇති නාම යෝජනා පත්‍රවල ඇත්තේද තමන්ගේ අත්සන් නොවන බවය.
2025 දෙසැම්බර් මස 18
184
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ අත්සන් යොදා නාම යෝජනා පත් ඉදිරිපත් කළ 2 ක්ට ඇප