(ඩී. කේ. රත්න සහ නිශාන්ත කුමාර)
ඇල්ල බල්ලකෙටුවේදී මාලු වෙළදාමේ නියුතු පුද්ගලයකු විසින් එල්ල කළ පිහි පහරක් හේතුවෙන් පොලිස් නිලධාරියකු කැපුම් තුවාල සහිතව දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව ඇල්ල පොලිසිය කියයි.
ඇල්ල පොලීසියට අනුයුක්තව සේවයේ යෙදී සිටින රාජපක්ෂ නැමති පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකු මෙසේ තුවාල ලබා ඇත.
මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඇල්ල බල්ලකෙටුව නාවලගම මාර්ගය පුළුල් කිරීම සඳහා බල්ලකෙටුව නගරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේදී එහි මාලු වෙළදාමේ නියුතු පුද්ගලයෙකු විසින් ඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට පහරදීමට කළ උත්සාහයක් වැළැක්වීමටයාමේදී මෙම නිලධාරියා තුවාල ලබා තිබේ.
මේ සම්බන්ධයෙන් බල්ලකෙටුව පදිංචි වයස අවුරුදු 38 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇල්ල පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
184
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාළු වෙළෙන්දාගේ පිහි පහරින් පොලිස් නිලධාරියෙක් රෝහලේ