(මඩකලපුව වාර්තාකරු - ආර්.එල්. ජව්ෆර්කාන්)
මඩකලපුව කාත්තන්කුඩි පොලිස් කොට්ඨාශයේ නව කාත්තාන්කුඩි ප්‍රදේශයෙහි විදුලි සැර වැදී එක් දරු පියෙකු අද (09) ජිවිතක්ෂයට පත්වූ බව කාත්තන්කුඩි පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 29 හැවිරිදි එම්. මොහොමඩ් අනස් නැමැත්තෙකි.
මොහු නව කාත්තන්කුඩි ධීවර පාරේ නිවසක ඉදිකිරිම් කටයුතු කරමින් සිට ඇති අතර පොදු විදුලි කණුව හේතුවෙන් විදුලි සැර වැදී මියගිය බව වාර්තා වේ.
මාර්ගය අසල ඉදිවෙන දෙමහල් ගොඩනැගිල්ලක් කපරාරු කරමින් සිටියදී, නිවස ලඟ තිබූ ප්‍රධාන විදුලි කනුවෙන් ඔහුට විදුලි සැර වැදීඇත.
කාත්තාන්කුඩ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd