(තිලකරත්න දිසානායක)
යක්කල , වීදියවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ නිවසක තිබී පුහුණු කටයුතු සඳහා යොදා ගන්නා බව කියන මිනි ගැප් කැලිබර් දශම 8 ප්‍රමාණයේ පිස්තෝලයක් සහ ඊට යොදන උණ්ඩ තුනක්ද සමඟ ද 45 හැවිරිදි තැනැත්තෙකු අද (26) පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
විශේෂ කාර්ය බළකායට ලැබී ඇති තොරතුරක් මත අදාළ නිවස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝලයක් සහ ඊට යොදන උණ්ඩ සමඟ පතරොම් ගැබක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පානීය ජල බෝතල් සපයන පුද්ගලයකු බව අනාවරණය වී ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා වීරගුල පොලීසියට බාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd