කොළඹ නාලන්දා විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කර නවීකරණය කරන ලද ‘මළල සේකර රඟහල’ සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) සිදුකෙරිණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරුණු මෙම රඟහල වායුසමීකරණය සහිත නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් නවීකරණය කර ඇත.
නාලන්දා විදුහල්පති තිලක් වත්තුහේවා , නාලන්දා ආදි ශිෂ්‍යන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ,ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන යන මහත්වැරු ඇතුළු පිරිසක් මේ අවස්ථාව එක්වුහ.
( ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd