පාලිත ආරියවංශ
තම දියණියට මත් ද්‍රාවණයක් පොවා ඇය දූෂණය කළ බවට සැකකරන 53 හැවිරිදි පියා අද (1) අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය පවසයි .
ප්‍රදේශයේ පාසලක 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාව ඉන්පසු කීපවතාවක්ම මෙලෙසින් දුෂණය කර ඇති අතර ඇයට වමනය ගතියක් ඇතිවීමෙන් පසු පාසලේ ගුරුවරිය කළ විමසීමේදී මෙම සිද්ධිය මුල්වරට අනාවරණය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මව මල්ගොවිපළක වැඩට ගිය අවස්ථාවේ කුලී වැඩ රැකියාව ලෙස කරන සැකකරු සිය නිවසේදීම මෙම දැරියට මෙම අපරාධය සිදුකර ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ ශ්‍රී ලංකාවට වෙන්න යන්නේ? වනචාරී ගෝත්‍රිකයින් අතරත් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. දැන් අපේ රටේ බණ කියන බණ අහන අය වැඩි නිසා වෙන්න ඇති....!