IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කේරල ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (28) මන්නාරම, පුතුකුඩිඉරුප්පු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 42.3 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 37  වන වියෙහි පසුවන මන්නාරම, පුතුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත බාර දීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පේදුරුතුඩුවට උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 86.4  ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැණිනි.

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට  නාවික හමුදාව කටයුතු කරමින් සිටියි.

(28535)



අදහස් (0)

කේරල ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site