IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෙට්‍රල් බෝම්බ ගසා පුද්ගලයකුට තුවාල කළ අඹු සැමි යුවළ රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
 
පෙට්‍රල්  බෝම්බයකින් ගසා යාබද ඉඩමේ පදිංචි පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කර  මිනි මැරිමේ චෝදනාව යටතේ   අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අඹු සැමි යුවලක් 18 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(05) නියෝග කළේය.
 
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන් ලද්දේ ගාල්ල මහමෝදර පදිංචි  නානායක්කාර වසම් පේරු කන්දගේඉන්ද්‍රලතා (64) සහ තනවීර ආරච්චිගේ යසපාල(62)  යන අඹු සැමි යුවළකි.
 
තුවාලකරු සහ සැකකරුවන් අසල්වැසියන් වන ඔවුන් පදිංචි ඉඩමට වසර විසි හතරකට වඩා දීර්ගකාලයක් තිස්සේ පවතින ඉඩම් නඩුවක් තිබෙන බවත් ඒ සඳහා ලැබුණ නඩු තින්දුවලට සිවිල් අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා අභායාචනා ඉදිරිපත් කර තිබෙන බවත් පෙලිසිය අධිකරණයට කියා සිටියේය.
 
මේ අතර පසුගිය 4වනදින උදේ තුවාලකරු වැට මායිමේ තාප්පපයක් බැඳිම සඳහා කාණුවක් කපමින් සිටියදි සැකකරුත් ඔහුගේ බිරිඳත් තුවාලකරු  සමග ආරවුලක් ඇති කරගෙන ඇති බවත් පසුව සැකකාරිය නිවසේ තිබු බැගයක් ගෙනැවිත් දුන් අවස්ථාවේ සැකකරු එහි තිබු පෙට්‍රල් බෝම්බයක් ගෙන එයින් තුවාලකරුට පහරදි ඇති බවත් පොලිසිය කියා සිටියේය.
 
පසුව කරන ලද පරික්ෂණයේදි නිවසතුල තිබු පැට්‍රල් මිලි ලිටර් 1660ක් පහන්තිර,හිස් බෝතල් කිහිපයක්ද සොයාගෙන ඇත.



අදහස් (0)

පෙට්‍රල් බෝම්බ ගසා පුද්ගලයකුට තුවාල කළ අඹු සැමි යුවළ රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site