‘ආණ්ඩුවේ අදූරදර්ශී පාලනයෙන් ජනතාව ණයකාරයෝ වෙලා’ ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය නිසා රටේ ජනතාව ණයකාරයන් බවට පත්ව ඇතැයි හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි. 02 October 2019
තම පක්ෂයෙන් ඉවත්වී සජිත්ට සහය වන බව දිඹුලාගල ප්‍රා.සබා මන්ත්‍රී කියයි තම පක්ෂයෙන් ඉල්ලා අස් වී එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා කි‍්‍රයාකාරීව මැදිහත්වීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ දිඹුලාගල ප්‍රදේශීය සභා මන්ත්‍රී උදාර සඳරුවන් මහතා පැවසීය. 02 October 2019
හැටන් නගරයේ කලහකාරී ලෙස හැසිරුණ යාචකයෙක් අත්අඩංගුවට හැටන් නගරයේ කලහකාරි ලෙස හැසිරෙමින් නගරයේ ගාල් කර තිබු ත්‍රිරෝද රථයකට ගල් වලින් පහර දී පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී තුවාල කළ යාචකයෙකු හැටන් පොලිසිය අද (02) අත්අඩංගුවට ගත්තේය. 02 October 2019
වැස්සෙන්-සුළඟෙන් රත්නපුර නිවාස 246 කට හානි වැසි සහිත කාලගුණ තතත්වයන් හේතුවෙන් ගෙවුණු දින කිහිපය තුළ රත්නපුර, ඇලපාත සහ බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනේ නිවාස 246කට සහ ව්‍යාපාරික ස්ථාන 10කට අර්ධහානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (02) පැවසීය. 02 October 2019
වර්ජනය හේතුවෙන් නැවතූ දුම්රියක් දින 7ක් නැවතුම්පළේ දුම්රිය සේවකයින් ඉකුත් 25 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ නතර කරනු ලැබූ දුම්රියක් තවමත් එම ස්ථානයේ එලෙසම තබා ඇත. 02 October 2019
ටිපර් - වෑන් රථ අනතුරකින් අයෙක් මරුට යාපනය , නුවර ඒ නවය මාර්ගයේ කිලිනොච්චිය ,අලිමංකඩ ප්‍රදේශයේ දී වෑන් රථයක් ටිපර් රථයක ගැටී අද (2) අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව කිලිනොච්චිය පොලිසිය කියයි. 02 October 2019
අකුරණ නගරය ජලයෙන් යටවෙයි අකුරණ නගරයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර මාතලේ ඒ 09 මාර්ගය අවහිර වී අද (01) සවස වාහන ගමනාගමනයට බාධා එල්ලවිය. 01 October 2019
අධික වර්ෂාවෙන් ගමනාගමනයට බාධා හැටන් , කොටගල , තලවකැලේ, වටවල ගිනිගත්හේන යන ප්‍රදේශවලට අද (01) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය. 01 October 2019
යල කන්නයේ අස්වනු මංගල්‍යය හෙට මෙවර යල කන්නයේ නෙළා ගත් අස්වැන්න ශ්‍රී දළදා මාළිගාව වෙත පූජා කිරීමේ සිරි දළදා යල් අස්වනු මංගල්‍යය හෙට (2) සහ අනිද්දා (3) යන දිනවලදී මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ දී සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. 01 October 2019
ටී 56 ජීව උණ්ඩ 351 ක් බදුල්ලේ ළඳු කැළෑවකින් හමුවෙයි බදුල්ල , තල්දෙන, 10 කණුව , පරගස්තැන්න ප්‍රදේශයේ බදුළුඔය ඉවුරේ තිබී අද (01) උදෑසන තවත් ටී 56 ජීව උණ්ඩ 351 ක් හමු වී තිබේ. 01 October 2019
මාතලේ කවුඩුපැලැල්ලේ මාර්ගයක් අසළ මළ සිරුරක් මහනුවර - යාපනේ ඒ9 මාර්ගයේ මාතලේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේදී මාර්ගය අසළ අද(01) තරුණයකුගේ මළ සිරුරක් තිබී හමු වූ බව මහවෙල පොලිසිය කියයි. 01 October 2019
හපුතලේ - බෙරගල මාර්ගයට ගල් පෙරැළෙයි පවතින වැසි තත්වය හේතුවෙන් කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතල බෙරගල අතර ප්‍රදේශයට අද(30) සවස ගල් කිහිපයක් පෙරැළී ඇති බව හපුතලේ පොලිසිය කියයි. 30 September 2019
ඇමතිවරු එන්න කළින් තක්සේරු කාර්යාලය විවෘත කරලා ගාල්ල චීන කොරටුව මැද පාරේ පිහිටුවන ලද දකුණු පළාත් තක්සේරු කාර්යාලය මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (30) සවස විවෘත කිරීමට සැළසුම්කර තිබුණත් එයට පෙර තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණ එය විවෘතකර ඒ පිළිබඳව මැතිවරණ පැමිණිලි මෙහෙයුම් මධ්‍යස්ථානයටද පැමිණිලි කිරීම නිසා උත්සවයට පැමිණි පිරිස දැඩි අපහසුතාවයකට පත්වූහ. 30 September 2019
බීමත්ව රිය පැදවූ රියදුරෙකුගේ බලපත්‍රය තහනම් කරයි බස් රථය බීමත්ව පැදවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පදවිය පොලිසියේ රථ වාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බස්රථ රියදුරෙකු එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා එම සැකකාර රියදුරාගේ රියදුරු බලපත්‍රය තහනම් කිරීමට අද (30) නියෝග කළේය. 30 September 2019
යතුරුපැදිය පැදවූ සිසුවා රිය අනතුරකින් මරුට හබරණ-ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මහමොරකන්ද ප්‍රදේශයේදී අද(30) සවස කැබ් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් වූ අනතුරෙන් යතුරුපැදිය පැදවූ සිසුවෙකු මිය ගිය බව පොලිසිය කියයි. 30 September 2019
අරුවක්කාලුවේ දුගඳ ඉවසාගත නොහැකිව ගැමියෝ පාරට බසිති අරුවක්කාලු කසළ අංගනයේ පවතින දුගඳ ඉවසා ගත නොහැකියැයි කියමින් සේරක්කුලිය ගම්වාසින් වනාතවිල්ලුව නගරයට අද (30) පැමිණ විරෝධතාවයක නිරත වි එහිම කුඩාරම් සකසා නතරවීමට තිරණය කර තිබේ. 30 September 2019
ටිපර් රථ - යතුරුපැදි අනතුරින් අයෙක් මරුට පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පොළොන්නරුව නගරයට නුදුරුව අද (30) දහවල් සිදුවූ ටිපර් රථ යතුරුපැදි අනතුරින් යතුරුපැදිකරු මිය ගිය බව පොලිසිය පවසයි. 30 September 2019
සිසුන්ට මත්පෙති අලෙවි කළ බෙහෙත් ශාලා හිමිකරුට දඩ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පාසල් සිසුනට සහ වෙනත් පුද්ගලයින්ට නීති විරෝධීව මත්පෙති අලෙවි කළැයි චෝදනා ලැබ, අධිකරණය හමුවේ වරද පිළිගත් බෙහෙත් ශාලාවක හිමිකරුවෙකුට මුදලින් රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (30) නියම කළේය. 30 September 2019
හිටපු ඡන්ද අපේක්ෂකයා හොරට කසිප්පු පෙරලා මීගොඩ, බටවල ප්‍රජා පොලිස් කමිටුවේ සභාපතිවරයා බව කියන, පසුගිය පළාත් පාලන මැතිවරණයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු අපේක්ෂකයකු නිවසේදී කසිප්පු නිෂ්පාදනය කරමින් සිටියදී අද (30) සැකපිට අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 30 September 2019
වෙඩි වැදී මිය ගිය අලියකුගේ සිරුරක් හබරණ කැලයෙන් හමුවෙයි හබරණ ආසිරිගම ප්‍රදේශයේ වෙඩි වැදී මියගොස් සිටි වන අලියෙකුගේ මළ සිරැරක් අද (30) උදෑසන ගනේවැල්පල වනජීවි නිළධාරීන් සොයාගෙන තිබේ. 30 September 2019
නවීකරණය කෙරුණු පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කෙරේ නවීකරණය කෙරුණු පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය සහ පටිගත කිරීමේ මැදිරිය විවෘත කිරීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) විවෘත කෙරිණි. 30 September 2019
වන අලියකු පහරදී ගොවියකු මරුට අරලගංවිල වීරලන්ද ගම්මානයේ දී අද (30) අලුයම 1.00 ට පමණ වන අලියකු පහර දීමෙන් ගොවියකු මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය පවසයි. 30 September 2019
රිය අනතුරකින් අයෙක් මරුට කැකිරාව මඩාටුගම නගරයේදී අද (29) සිදුවූ මාරක රිය අනතුරකින් සිව්දරු පියෙකු මරණයට පත්ව තිබේ. 29 September 2019
කම්හලකට විරෝධය පා මත්තේගොඩ වැසියෝ වීදි බසිති මත්තේගොඩ, වාසනාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ මුද්‍රණ කර්මාන්ත ශාලාවක් හේතුවෙන් තමන් සෞඛ්‍ය හා පාරිසරික ගැටලු රැසකට මුහුණ පා ඇති බව පවසමින් අද(29) ප්‍රදේශවාසීහු විරෝධතාවක් පැවැත්වූහ. 29 September 2019
දිඹුලාගල නව ගොඩනැගිලි තුනක් ජනපති අතින් ජනතා අයිතියට ‘පිබිදෙමු පොළොන්නරුව‘ දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතියේ මුදල් ප්‍රතිපාදන මත දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදි කරන ලද ගොඩනැගිලි තුනක් ජනාධිපති මෛත්‍රිපාල මහතා අතින් අද (29) දහවල් ජනතා අයිතියට පත් කෙරිණි. 29 September 2019
රිවෝල්වරයක් - ජීව උණ්ඩයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට බූස්ස කඳුරුපේ ප්‍රදේශයේදී රිවෝල්වරයක් සහ ජීව උණ්ඩයක් සමග, පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවකු අද (29) අත්අඩංගුවට ගත් බව රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි. 29 September 2019
දරුවන් යොදවා සොරකම් කළ අයෙක් අත්අඩංගුවට බාලවයස්කරුන් යොදවා බලන්ගොඩ නගර සහ අවට ප්‍රදේශවල ඇති වෙළඳසල්වලින් භාණ්ඩ සොරකම් කිරීම සඳහා සොරකම මෙහෙය වූ ප්‍රධාන සැකකරු අද (29) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 29 September 2019
තීන්ත කම්හලකට එරෙහිව විරෝධතාවක් ගම්පහ, විළිඹුල සරන්වත්ත ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත බව කියන තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට එරෙහිව ප්‍රදේශවාසී ජනතාව අද(29) මල්කැලේ හන්දියේදි විරෝධතාවයක නිරත වුහ. 29 September 2019
ටිපර් - ලොරි රථ අනතුරින් රියදුරු සහයක මරුට කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ පල්ලේවෙලදී අද(29) සිදුවූ ලොරි රථයක් ටිපර් රථයක ගැටීමෙන් වූ අනතුරකින් ලොරියේ ගමන්ගත් රිය සහයකවරයා මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය පවසයි. 29 September 2019
රිය අනතුරකින් මාළු ලොරියේ කත මරුට පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටදී අද(29) මාළු පැටවූ ලොරියක් සහ මෝටර් රථයක ගැටීමෙන් කාන්තාවක එම ස්ථානයේම මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 29 September 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025