සිසුන්ට මත්පෙති අලෙවි කළ බෙහෙත් ශාලා හිමිකරුට දඩ
ගලෙන්බිඳුණුවැව ප්රදේශයේ පාසල් සිසුනට සහ වෙනත් පුද්ගලයින්ට නීති විරෝධීව මත්පෙති අලෙවි කළැයි චෝදනා ලැබ, අධිකරණය හමුවේ වරද පිළිගත් බෙහෙත් ශාලාවක හිමිකරුවෙකුට මුදලින් රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවන ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්රසන්න සමරසිංහ මහතා අද (30) නියම කළේය.