( කුෂාන් ජයවර්ධන)
කැකිරාව මඩාටුගම නගරයේදී අද (29) සිදුවූ මාරක රිය අනතුරකින් සිව්දරු පියෙකු මරණයට පත්ව තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව කුඩාඇලගමුව ඩී 3 ප්‍රදේශයේ පදිංචිව සිටි අලුත්ගෙදර ස්වර්ණ තිස්ස නමැති 65 හැවිරිදි සිව්දරු පියෙකි.
ඔහු පාපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම මාරක රිය අතුරට මුහුණ පා ඇත. ඒ 9 මාර්ගයේ මඩාටුගම 81 හා 82 කිලෝමීටරය අතර එම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
පසුපසින් පැමිණ ඇති ලොරි රථයක් පාපාදියේ ගැටීමෙන් අනතුර සිදුව තිබිණ. අනතුරින් බරපළ තුවාල ලබා සිට ඇති ස්වර්ණ තිස්ස මහතා කඩිනමින් දඹුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට මඩාටුගම ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර තිබිණි. බරපතල තත්වයේ සිට ඇති ඔහු එහිදී මියගොස් ඇති බව පොලිසිය කියයි.
එම මාරක රිය අනතුරට සම්බන්ධ ලොරි රථය හා එහි රියදුරු කැකිරාව පොලිස් රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ ලොරි රථය වව්නියාව ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බැව් අනාවරණය විය. පොලිස් අත්අඩංගුවට ගෙන ඇති රියදුරු වව්නියාව මරත්තන්කුළම ප්‍රදේශයේ පදිචි 26 හැවිරිීදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
ප්‍රදේශයේ උසස් නිලධාරීන්ගේ නියෝග හා කැකිරාව පොලිස් සථානාධීපතිවරයාගේ උපදෙස් අනුව කැකිරාව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධීපතිවරයා ඇතුලු නිලධාරීහු පිරිසක් එම මාරක රිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරති.
එම මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රියදුරු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
රිය අනතුරකින් අයෙක් මරුට