IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හිටපු ඡන්ද අපේක්ෂකයා හොරට කසිප්පු පෙරලා

(කේ. බුද්ධික කුමාරසිරි)

මීගොඩ, බටවල ප‍්‍රජා පොලිස් කමිටුවේ සභාපතිවරයා බව කියන, පසුගිය පළාත් පාලන මැතිවරණයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු අපේක්ෂකයකු  නිවසේදී   කසිප්පු  නිෂ්පාදනය කරමින් සිටියදී අද (30) සැකපිට අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

මීගොඩ  පොලිස් ස්ථානයේ  පොලිස් පරීක්ෂකවරයාට  ලද තොරතුරකට අනුව සැකකරුගේ නිවසට ගොස් ප‍්‍රශ්න කිරීමේදී සැකකරු එම චෝදනාව ප‍්‍රතික්ෂේප  කර ඇත.

නමුත් එම  අවස්ථාවේදී නිවස සෝදිසි කිරීමේදී එක් කාමරයක කසිප්පු නිෂ්පාදනය කරමින් තිබියදී හසු වූ බව පොලීසිය කියයි.

ගෑස් ලිපක්, ගෑස් සිලින්ඩරයක්, තඹ දගරයක්, කසිප්පු නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ සහ මත්පැන් ස්ප්‍රීතු බෝතල් තුනක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු ස්ථීර රැකියාවක් නොමැති පුද්ගලයෙකු බවත් සමාජ සේවකයෙකු ලෙස පෙනී සිටිමින් සමාජ සේවාවලට සම්බන්ධව කටයුතු කරන වයස අවුරුදු 35 ක අයෙකු බවත් පොලිසිය කියයි.

සැකකරු සහ මත්පැන් උපකරණ හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

හිටපු ඡන්ද අපේක්ෂකයා හොරට කසිප්පු පෙරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 108 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site