IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වැස්සෙන්-සුළඟෙන් රත්නපුර නිවාස 246 කට හානි

(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ)

වැසි සහිත  කාලගුණ තතත්වයන් හේතුවෙන් ගෙවුණු දින කිහිපය තුළ  රත්නපුර, ඇලපාත සහ බළන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනේ නිවාස 246කට සහ ව්‍යාපාරික ස්ථාන 10කට අර්ධහානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (02) පැවසීය.
 
 මේ හේතුවෙන් පුද්ගලයන් 950 කට  පමණ බලපෑම් ඇතිවී තිබෙන බව ද සඳහන් කරයි. වැඩිම හානියක් සිදුව ඇත්තේ රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ය. එහි නිවාස 216කට සහ ව්‍යාපාරික ස්ථාන 10 කට අර්ධහානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 මේ අතර  ඊයේ ( 01)  සවස දැඩි සුළං හේතුවෙන් බළන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් අටක නිවාස 16කට අර්ධහානි සිදුව ඇති බව බළන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන නිලධාරී උපුල් ශාන්ත අරුණසිරි මහතා පැවසුවේය.
 
කුමාරගම වසමේ නිවාස පහකට, ඇල්ලෙපොල වසමේ නිවාස තුනකට, ජාතුංකන්ද සහ විජනත්කුඹුරු වසම්වල නිවාස දෙක බැගින් හා තවත් වසම් කිහිපයක එක් නිවස බැගින් මෙසේ හානියට පත්ව ඇති බවද අරුණසිරි මහතා පැවසුවේය.
 
අලංකාර පංගුව ප‍්‍රදේශයේ මාර්ගයක් නායයාමේ තොරතුරක් ඇති බව කී ඔහු බළන්ගොඩ රාස්සගල පාරේ ස්ථාන කිහිපයක පස් කඳු කඩාවැටීම් හා ගල් පෙරළීම් කිහිපයක් වාර්තා වන බව ද පැවසුවේය.
 
මේ අතර බළන්ගොඩ තොටුපළතැන්න වසමේ වැසියන් පැවසුවේ 01දා සවස් වරුවේ ඇතිවූ දරුණු අකුණු හේතුවෙන් නිවාස රැසක විදුලි උපකරණ හානියට ලක්ව ඇති බවයි.
 
මෙම ආපදා හේතුවෙන් ජීවිතහානි හෝ මරණ කිසිවක් වාර්තා නොවන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.



අදහස් (0)

වැස්සෙන්-සුළඟෙන් රත්නපුර නිවාස 246 කට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site