කොමඩු කොරටුවේ මුවමස් වේලමින් සිටි සෙබළාට දඩ
යාල පලටුපාන යුද හමුදා ගොවිපළට යාබදව, පැණි කොමඩු කොරටුවක මුවමස් වේලමින් සිටියදී වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කළ සෙබළාට, වරද පිළිගැනීමෙන් පසු රුපියල් 30,000ක දඩයක් ගෙවන ලෙස දිසා විනිසුරු හා මහේස්ත්රාත් කාංචනමාලි සුසන්තා ගුණසේකර මහත්මිය අද(04) නියෝග කළාය.