IMG-LOGO

ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

(කරාපිටිය- ජී.ඩබ්.කේ. ප්‍රේමතිලක ද සිල්වා)

මෙරට නිෂ්පාදිත  ගිනි අවියක් සහ  ටී-56 වර්ගයේ ජීව උණ්ඩ 2ක් සමග පුද්ගලයෙක් වංචාවල මැලෑගොඩදී සැකපිට අත්අඩංගුවට ගත්බව හබරාදුව පොලිසිය කියයි.

30 හැවිරිදි මෙම පුද්ගලයා සතුව ගිනි අවියක් ඇතැයි පොලීසියට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව ඔහුගේ නිවස තුළ සඟවා තිබියදී මෙම ගිනිඅවිය සොයා ගෙන තිබේ.

මෙම ගිනිඅවිය යම්කිසි අපරාධයක් සඳහා යොදා ගැනීමට සූදානම්ව සිටියේ දැයි සොයා බැලීමට පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.

සැකකරු සහ අත්අඩංගුවට ගත් ගිනිඅවිය සහ උණ්ඩ දෙක අද (05)ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හබරාදුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 85 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 485 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 254 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site