IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අඹු සැමි යුවළක් ඝාතනය කළ අයෙක්ට මරණ දඩුවම්

(ඩී.ජී.සුගතපාල) 
 
වෙඩි තබා අඹුසැමි යුවළක් ඝාතනය කිරිම සම්බන්ධයෙන් වරදකරුවු විත්තිකරුවෙකුට දකුණු පළාත් බද මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක මහතා අද (04) මරණිය දණ්ඩනය නියම කළේය.
 
 මෙසේ මරණිය දණ්ඩණය නියම වූයේ අලුත්දූව හේවගේ විජිත ගුණරත්න නමැති 34 හැවිරිදි විත්තිකරුවෙකුටය.
 
උඩුගම  පොලිස් වසමේ උඩලමත්තේදි  2012 ජනවාරි 10 වැනි දින   දිනයාදුර සුමිත් ද සිල්වා සහ විරක්කොඩි මල්ලිකාද සිල්වා යන දරුවන් දෙදෙනෙකුගේ මව්පියන් වන  අඹුසැමි යුවලට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාලු මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.
 
මෙම  නඩුව  සම්පුර්ණයෙන්ම  පරිවේෂණය  සාක්ෂි  මත මෙහෙයවන ලදි.
විත්තිකරු  හා  ඝාතනයට  ලක්වු   යුවළ   මිතුරන්  වන බවත් ඔවුන් රාත්‍රි කාලයේ දඩයමේ යන බවත් එදින රාත්‍රියේද මියගිය සුමිත් යන අය සහ විත්තිකරු දඩයමේ ගොස් ඇති බවත් නඩුවේදි අනාවරණය වී තිබේ.

පසුදින උදෑසන ඔවුන් පදිංචි නිවසට මිටර් සියක් දුරින් නාකියදෙණිය වතුයායේ බණ්ඩිහේන කොටසේ  වෙඩිවැදි  මියගොස් සිටි  බිරිඳගේ මළ සිරුර හමුවි ඇති අතර එම ස්ථානයට තවත් මීටර් දෙසියක් පමණ දුරින් තිබි සැමියාගේ මළ සිරුද සොයාගෙන ඇත.


රිඳගේ මළ සිරුර අසළ තිබි හිස් පතරොම් කොපුවක් හා සෙරෙප්පුවක්ද සොයාගෙන ඇති අතර නිල සුනඛයා සෙරෙප්පුවේ ඉව ඔස්සේ සැමියා මියගොස්  සිටි ස්ථානයට ගොස්  පසුව විත්තිකරුගේ නිවසට ගොස් ඇත.

ඒ අනුව සැකපිට විත්තිකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරිමේදි ඝාතනයන්ට යොදාගත් ගිනි අවියද සොයාගෙන ඇත.

රජයේ රස පරික්ෂකවරයා තහවුරු කර ඇත්තේ මියගිය කාන්තාවගේ සිරුර අසළ තිබියදි සොයාගත් පතරොම් කොපුව මෙම ගිනි අවියෙන් නිකුත් කළ  එකක් බවටය. එයට අමතරව සිරුරේ තිබි හමුවු මූණිස්සම්ද එම පතරොමෙන් පිටවු ඒවා බවටද සනාථ කර ඇත.

තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසරුවරයා කියා සිටියේ පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවය.

රජයේ අධි නිතිඥ පත්මාල් විරසිංහද සිල්වා මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදි.  

 



අදහස් (0)

අඹු සැමි යුවළක් ඝාතනය කළ අයෙක්ට මරණ දඩුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32126 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14592 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 50 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 316 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site