(නිශාන්ත කුමාර)
වියලුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙපිරිසක් අතර පෞද්ගලික පන්තියක් ආසන්නයේදී ඇතිවූ ගැටුමක් දුරදිග යෑමෙන් බරපතළ තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු රෝහල් ගත කර අතැයි පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් තිදෙනකු අද (06) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත්බව කන්දකැටිය පොලිසිය පවසයි.
රෝහල්ගත කර ඇත්තේ අවුරුදු 16 වයසේ පසුවන දරුවන් දෙදෙනෙකි. සිද්ධීයට සම්බන්ධව ඇත්තේ වියලුවේ ප්‍රසිද්ධ පාසැලක අපොස සාමාන්‍ය පෙළ පන්තිවල අධ්‍යාපනය ලබන සිසු පිරිසකි.
සිද්ධීය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd