(ක.ග. කරුණාරත්න)
මාදුරුඔය යුදහමුදා පුහුණු පාසැලේ පාබල ක්‍රියාන්විත විශේෂ පාඨමාලාව අවසන් කළ සෙබලුන් 270 දෙනෙකු විසිරයාමේ පෙළපාලියක් අද (05) එම යුදහමුදා පුහුණු පාසැලේ සරඹ පිටියේදී පැවැත්විණි.
එයට නිලධාරින් 11දෙනෙකු සහ සෙසුනිලධාරීන් 259ක් අයත්විය.
ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුදහමුදාවේ මාදුරු ඔය යුදහමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.කේ.ඒ. පිලපිටිය මහතා සහභාගි විය.
එම පුහුණු පාඨමාලාවේ සෑම අතින්ම දක්‍ෂතා දැක්වූ අතිශුර සෙබළා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් කේ.ජී.ඒ.බී. විජේසෝම, සෑම අතින්ම අතිශූර නිලධාරි ලෙෂ ආරක්ෂක සේනා මූලස්ථානය බටහිරට අයත් 06 වන ගැමුණුහේවා බලකායේ ලුතිනන් ටී.සී. සේරසිංහ, හොඳම වෙඩික්කරු ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථානය යන අය නැගෙනහිරට අයත් 18 වන ආරක්ෂක සේනා බලමුලුවේ කපිතාන් කේ.වයි.එස්. ධර්මසිරි ප්‍රධාන ආරාධිත අමුත්තන් අතින් ත්‍යාග හා සහතික ලැබූහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මාදුරුඔය යුදහමුදා පුහුණු පාසැලෙන් 270 ක් විසිර යති