IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උතුරු මැද පළාත් ලේකම් දුන් නියෝගයක් මහාධිකරණය බලරහිත කරයි

(උපාලි ආනන්ද)
 
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරිවරයා රුපියල් 1232000 ක පමණ මුදලක් අධි වැටුප් ලබා ගෙන ඇති බවට චෝදනා කරමින් එම මුදල සමාන වාරික 72 කින් ඔහුගෙන් අය කර ගන්නා ලෙස උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම්වරයා ලබාදී තිබූ නියෝගයක්  බල රහිත කිරීමට උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රනවක මහතා අද (03) නියෝග කළේය.
 
මෙම නඩුව විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තුරු මේ මස 16 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද  මෙම නඩුවේ වගඋත්තරකරුවන්ට මහාධිකරණ විනිසුරුවරයා තවදුරටත් නියෝග කරනු ලැබීය.
  
උතුරු මැද පළාත් මර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරි ආර්.හේමසිරි ඒකනායක මහතා නීතිඥ දනුෂ්ක දහම්පත් මහතා මගින් උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා  මෙසේ නියෝග කෙරිණි.
 
පෙත්සම්කාර පරිපාලන නිලධාරි හේමසිරි ඒකානායක මහතා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ දනුෂ්ක දහම්පත් මහතා පැවසුවේ පෙත්සම්කරු උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරිවරයා ලෙස රාජකාරි කරමින් සිටින බවයි.
 
එසේ රාජකාරි  කරමින් සිටියදී පෙත්සම්කරුට වැටුපට අමතරව රුපියල් 1232285 ක පමණ මුදලක් ගෙවා ඇත්තේ වසර 5 කට අදාලව ඔහුගේ මූලික වැටුපෙන් තුනෙන් එකක් වශයෙන් බවද අධිකරණයට කියා සිටි නීතිඥ දහම්පත් මහතා එම ගෙවීම් මුළුමනින්ම නිත්‍යානූකූල බවද කීවේය.
 
පෙත්සම්කාර පරිපාලන නිලධාරිවරයාට අදාල මුදල ගෙවා ඇත්තේ  පළාත් වාරිමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යශයේ ලේකම්වරයාගේ සහ පළාත් මාර්ග සංවර්ධන අධිකරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය  ඇතිව බවද අධිකරණයට කියා සිටි නීතිඥ දහම්පත් මහතා එවැනි නීතිමය පදනමක් මත අදාල ගෙවීම්  සිදු කර තිබියදී එම මුදල් සමාන වාරික 72 කින් පෙත්සම්කාර පරිපාලන නිලධාරිවරයාගෙන්  අය කර ගන්නා ලෙසට නියෝග කිරීමට පළාත් ප‍්‍රධාන ලේකම්වරයාට බලයක් නැති බවත් එම නියෝගය නීතියට පටහැනි බවත්  සඳහන් කළේය.
 
පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ බලතල පැවරීම අනුවද එවැනි නියෝගයක් පැනවීමට පළාත් ප‍්‍රධාන ලේකම්වරයාට කිසිදු නීතිමය  බලයක් නැති බවටද නීතිඥවරයා තවදුරටත් අධිකරණයට සැල කළේය.
 



අදහස් (1)

උතුරු මැද පළාත් ලේකම් දුන් නියෝගයක් මහාධිකරණය බලරහිත කරයි

Mahinda Thursday, 03 October 2019 07:43 PM

පාරවල් හදයිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32126 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14592 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 50 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 316 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site