ඌව පරණගම වැසියෝ විරෝධයක ඌව පරණගම, පුහුලුපොළ, කොටවෙර අවට ගම්වාසීහු වැලිමඩ - බදුල්ල මාර්ගයේ පුහුල්පොළ උමාඔය ජලාශයේ පාලම අසළදී අද(11) විරෝධතාවක නිරතවූහ. 11 October 2019
දෙදරු මවක අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට මරණීය තර්ජන කර දෙදරු මවක අපයෝජනය කර, ඇගේ මුදුවක් හා රන් මාලයක් පැහැර ගත්තේ යැයි කියන පුද්ගලයකු අද (11) කදිරාගමදි අත්අඩංගුවට ගත්බව කැකිරාව පොලිසිය කියයි. 11 October 2019
අතුරුදන්වූවන්ගේ මව්පියවරු නිහඬ විරෝධයක අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුව සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අද(11) ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී පැවැත්විණි. 11 October 2019
කෙසෙල්ගමුඔයේ සැඩ පහරට හසු වූ තිදෙනෙකු බේරාගැනේ කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔයේ සැඩ පහරට හසු වු තිදෙනෙකු බේරාගත් බව බගවන්තලාව පොලිසිය කියයි. 11 October 2019
පාසල් බස් රථයක් පෙරැළී සිසුහු 5ක් රෝහලේ සීගිරිය සිට කැකිරාව ප්‍රදේශයේ පාසල්වලට දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද(11) උදේ දඹුල්ල රන්දෙනි වැව ඇළ මාර්ගයෙන් ඉවතට පෙරළීයාමෙන් සිසු සිසුවියන් පස්දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලීසිය කියයි. 11 October 2019
වැඩිහිටි දිනය නිමිත්තෙන් බළන්ගොඩදී සැමරුම් උළෙලක් ඔක්තෝම්බර් පළමු වැනිදාට යෙදුන ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් ‘‘වියබල ප්රණාම සැමරුම් උළෙල‘‘ අද (10) බළන්ගොඩ ගෝලඩන් සන්සිටි උත්සව ශාලාවේදී මහත් හරසරින් පැවැත්විණි. 10 October 2019
හම්බන්තොට ධීවර වරායේ මත්කුඩු විකුණූ 2 ක් අත්අඩංගුවට හම්බන්තොට ධීවරවරායේ හෙරොයින් මත් කුඩු අලෙවි කිරීමට පැමිණි සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 935ක් සමඟ තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද (10) සවස අත්අඩංගුවට ගෙන තිබේ. 10 October 2019
කෙසෙල් වගාවක් මැද නිදන් හැරූ 3 ක් අත්අඩංගුවට සුරියවැව සමාජසේවාපුර කෙසෙල් වගාවක් තුළ ඉතා රහසිගත ලෙස නිධානයක් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු සුරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ. 10 October 2019
බදුල්ලේ කුණු කන්ද ඇතැමුන් ආදායම් මාර්ගයක් කරගෙන බදුල්ල නගරයේ පවතින කුණු කන්ද ඇතැමුන් ආදායම් මාර්ගයක් කරගෙන ඇති බවත් කුණු කන්ද භාවිතා කර රට සවාරි යාමට සිතා සිටින අයට එය ඉවත් කිරීම ගැටළුවක් වී ඇති බවත් කසළ ප්රශ්නය විසඳීමට තමන් ගෙන යන වැඩපිළිවෙළට බදුල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් බාධා කරන බවත් ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය. 10 October 2019
කොන්දේසි මත පොහොර විකිණූ වෙළෙන්ඳන්ට - සමාගම්වලට නඩු යූරියා පොහොර මිලදී ගැනීමේදී ඒ සමග ශාක වර්ධන රසායනිකයක පැකැට්ටුවක්ද මිලදීගත යුතු බවට කොන්දේසි පනවමින් වෙළදාම් කළ බවට සැකපිට පොහොර වෙළඳසැල් හිමියන් දෙදෙනෙකුට සහ පොහොර බෙදාහරින සමාගම් දෙකකට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් කාර්යාලය පියවර ගෙන තිබේ. 10 October 2019
මත්කුඩු පැකට් 580ක් සමග අයෙක් අත්අඩංගුවට පාසල් ළමයින්ට විකිණීම සඳහා ගාල්ල මහමෝදර නිවසක සඟවා තිබූ තූල් නැමැති මත්කුඩු පැකට් 580 ක් සමග සැකකරුවෙකු අද (10) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි. 10 October 2019
ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ 2020 අය වැය සම්මතයි ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ 2020 වසර සඳහා ඉදිරිපත් කෙරුණ අයවැය වැඩි ඡන්ද 17 කින් අද (10) සම්මත විය. පක්ෂව ඡන්ද 18ක් ලැබුණ අතර අයවැයට විරුද්ධව එක් ඡන්දයක් ලැබිණි. 10 October 2019
ගාල්ලේ හෝටලයක් පිටුපසින් අත් බෝම්බයක් සොයාගනී ගාල්ල දඩල්ල ලයිට් හවුස් සංචාරක හෝටලය පිටුපස මුහුදු වෙරළේ තිබී අත් බෝම්බයක් අද (10) පෙරවරුවේ ගාල්ල පොලිසිය ෙ සොයාගෙන ඇත. 10 October 2019
පිස්තෝලයක් - කඩු සමඟ නගර සභා කම්කරුවෙකු අත්අඩංගුවට වැලිගම නගර සභාවේ අනියම් කම්කරුවෙකු පිස්තෝලයක් සහ කඩු දෙකක් සමග අද(10) අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි. 10 October 2019
ඇල්පිටි ඡන්දයට ඡන්ද පෙට්ටි නිකුත් කෙරේ හෙට පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද (10) ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිට සිදු කරන ලදී. 10 October 2019
නවගම්පුර අනවසරෙන් ඉදිකළ නිවාස 10ක් ඉවත් කෙරේ අම්පාර, නවගම්පුර ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකර තිබූ නිවාස 10 ක් අම්පාර නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්, අම්පාර නගර සභාව සහ අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. 10 October 2019
ගුරුවරයකුට පහරදුන්නැයි එළුවිල පාසලක ගුරුවරු- සිසුහු විරෝධයක පානදුර එළුවිල ප්‍රදේශයේ මුස්ලිම් පාසලක ගුරුවරයකුට එම ප්‍රදේශයේ පුද්ගලයකු පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් අද(10) පාසල් ගුරුවරු, ආදි ශිෂ්‍ය සංගමය, මව්පියවරු සහ සිසුහු උද්ඝෝෂණයක නිරතවූහ. 10 October 2019
ගිනි අවි 4 ක් සමඟ වතු මුරකරුවෙකු අත්අඩංගුවට විදේශීය රටවල නිෂ්පාදිත ගිනි අවි තුනක් හා දේශීයව එකලස් කළ බවට සැලකෙන ගිනි අවියක් බලපත්‍ර නැතිව සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වතු මුරකරුවකු ගම්පහ කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය මගින් අද (09) සවස අත්අඩංගුවට ගෙන මීරිගම පොලිස් ස්ථානයට බාරදෙනු ලැබීය. 09 October 2019
ආණමඩුවේ එක් දරු පියා මරා දැමූ 4 ක් අත්අඩංගුවට ආණමඩුව ආඩිගම නගරයේදී එක් දරු පියෙකුට පහරදී මරා දැමීමට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනා කටුනායක සහ ආඩිගම ප්‍රදේශයේ සැඟවී සිටියදී ආණමඩුව පොලිසිය විසින් අද (9) සවස අත්අඩංගුවට ගෙන තිබේ. 09 October 2019
ආණමඩුවේදී පුද්ගලයෙකුට හිමිනමක් ඇතුළු පිරිසක් පහරදෙති මාර්ගවලට හානි කරමින් බොරළු ඇදීමකට විරුද්ධ වූ අයෙකුට අද (09) හිමිනමක් ඇතුළු 15 ක පමණ පිරිසකගෙන් පහර කෑමට ලක් වූ අයෙකු ආණමඩුව මූලික රෝහලට ඇතුළත්ව කර ඇති බව ආණමඩුව පොලිසිය පවසයි. 09 October 2019
පුහුල්පොල වේල්ල මතින් ගමන් කිරීමට එක් අවසර පතක් ලබාදීමේ තීරණයට විරෝධය උමා ඔය ව්‍යාපෘතියේ පුහුල්පොල ජලාශයේ වේල්ල මතින් තමන්ගේ ගම්බිම්වලට ගමන් කිරීමට එක පවුලකට එක අවසරපතක් ලබාදීමට ගත් තීරණයට අද (09) සවස ප්‍රදේශවාසීහු විරෝධය දැක්වූහ. 09 October 2019
ගාල්ල තල්ගස්වල වත්තේ ගොඩනැගිල්ලක ගින්නක් ගාල්ල නාගොඩ තල්ගස්වල වත්තේ රබර් රොටි වේලනු ලබන ගොඩනැගිල්ලක අද (09) සවස ඇතිවූ ගින්නකින් එම ගොඩනැගිල්ලට දැඩි හානි වී ඇතැයි නාගොඩ පොලීසිය කියයි. 09 October 2019
කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමෙන් වතු නිවාස රැසක් යටවේ බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයට අද (09) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ජලය ගලා බස්නා කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් වතු නිවාස රැසක් ජලයෙන් යට වී ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථනාධිපති පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 09 October 2019
මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි නඩුවකින් නිදොස් කොට නිදහස් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාට එරෙහිව පවරා තිබු නඩුවක් අද (09) විභාගයට ගත් අවස්ථාවේදී ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය එම නඩුවේ විත්ති වාචිකය කැඳවීමකින් තොරවම මන්ත්‍රිවරයා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළාය. 09 October 2019
අධිවේගී මාර්ගයේ කම්බි කැපූවැයි වැඩබිමේ සේවකයෙක් අත්අඩංගුවට මත්තල - මාතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ වල්සපුගල ප්‍රදේශයේ අධිවේගී මාර්ගයට වන අලි ඇතුළුවීම වැළැක්වීම සඳහා ඉදිකර ඇති විදුලිවැටෙහි කම්බි කපා සොරාගත් කොන්ත්‍රාත් සමාගමක සේවකයකු අද(09) අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය කියයි. 09 October 2019
පදික මාරුවේදී කාන්තාවක අනතුරට ලක් කළ රියදුරු රිමාන්ඩ් බලන්ගොඩ නගරයේ ඇති පදික මාරුවේදී කාන්තාවක අනතුරට ලක් කර තුවාල සිදුකළ ත්‍රිරෝද රථ රියැදුරෙකු ඔක්තෝබර් (15) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (09) නියෝග කළේය. 09 October 2019
රිය අනතුරකින් අයෙක් මරුට හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ කටුනේරිය ප්‍රදේශයේදී අද ( 9 ) සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මාරවිල පොලිසිය පවසයි. 09 October 2019
හැටන් - ෆෝඩයස් වතුයායේ කම්කරුවෝ විරෝධයක හැටන්, දික්ඔය, “ෆෝඩයස්” තේ වතුයායේ, කම්කරුවෝ පිරිසක් අද (09) එම වතුයාය ඉදිරිපිට දික්ඔය-ආගරපතන ප්‍රධාන මාර්ගයේදී උද්ඝෝෂණයක නිරත වූහ. 09 October 2019
අලියකු පහරදීමෙන් යතුරුපැදිකරුවෙකු මරුට - අයෙකුට තුවාල වැලිකන්ද, මුතුවැල්ල 9කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වන අලියකු පහරදීමෙන් එක් අයකු මිය ගොස් අනෙක් තැනැත්තා තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය තියයි. 09 October 2019
ආණමඩුමේදී ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ අයෙක් මරුට ආණමඩුව ආඩිගම නගරයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී බරපතල තුවාල ලබා සිටි එක් අයෙකු අද (08) මරණයට පත්ව තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව ආණමඩුව පොලිසිය පැවසීය. 08 October 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025