(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාට එරෙහිව පවරා තිබු නඩුවක් අද (09) විභාගයට ගත් අවස්ථාවේදී ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය එම නඩුවේ විත්ති වාචිකය කැඳවීමකින් තොරවම මන්ත්‍රිවරයා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළාය.
ඉකුත් 2014 වසරේ පැවති දකුණු පළාත් සභා සභා මැතිවරණයේ දී, මැතිවරණ නීති රීති උල්ලංඝණය කරමින් පෙළපාලි පැවැත්වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට විරුද්ධව නඩුව පවරා තිබිණි.
එදින රාත්‍රියේ දී රූපවාහිනියේ විකාශනය වූ දර්ශන අනුව එම අපේක්ෂකයාට නීති මගින් කටයුතු කිරීමට හැකි බවට මැතිවරණ කොමසාරිස්වරයා පොලිසියට දන්වා යැවීමෙන් පසු ගාල්ල පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇත.
පසුව නීතිපති උපදෙස් අනුව 1988 අංක 2 දරණ පළාත් සභා ඡන්ද විමසීමේ 69වන වගන්තිය යටතේ, මැතිවරණ නාම යෝජනා බාර ගන්නා දින සිට ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන කාලසීමාව තුළ එනම් 2014 පෙබරවාරි 6 දින ගාල්ල නගරයේ නීතිවිරෝධී පෙළපාලියක් පැවැත්වීම හා එයට සහභාගීවීම යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව නඩු පවරා තිබිණි.
විත්තිකාර මන්ත්‍රිවරයා වෙනුවෙන් බුද්ධි ජයවර්ධන සහ රජින්ද්‍ර නාරංගොඩ යන නීතිඥ මහත්වරු පෙනි සිටි අතර ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශය විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි නඩුවකින් නිදොස් කොට නිදහස්