(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයට අද (09) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ජලය ගලා බස්නා කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් වතු නිවාස රැසක් ජලයෙන් යට වී ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථනාධිපති පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වත්ත පහළ කොටසේ වතු නිවාස 30ක් පමණ ජලයෙන් යට වී ඇති බවත්, නිවාස තුළට ජලය කාන්දුවීමත් සමග පවුල් 29 කට අයත් සමාජිකයන් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බවත් බගවන්තලාව පොලිසිය කීය.
වතු පවුල්වලට අයත් සමාජිකයන් 100 දෙනෙකු පමණ අවතැන් වී ඇත.
අවතැන් වූ සාමාජිකයන් බගවන්තලාව කොටියාගල වතු යායේ රෝහලේ තාවකාලිකව පදිංචි කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව බගවන්තලාව වැවිලි සමාගමේ ප්‍රාදේශීය ප්‍රධාන විධායක නිලධාරී මංජුල සමරකෝන් මහතා පැවසීය.
කෙසෙල්ගමුඔය පිටාර ගැලීම හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක්ද ජලයෙන් යට වී ඇත.
කෙසෙල්ගමුඔයේ ජල මට්ටම වැඩිවීමත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටමද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පැවසූහ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමෙන් වතු නිවාස රැසක් යටවේ