(රංජිත් රාජපක්ෂ)
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔයේ සැඩ පහරට හසු වු තිදෙනෙකු බේරාගත් බව බගවන්තලාව පොලිසිය කියයි.
මහඑළිය රක්ෂිතයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය බගවන්තලාව ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් පහත්බිම් රැසක් ඊයේ (10) පස්වරුවේ යට වූ බව පොලිසිය පවසයි.
පහත් බිම් හරහා යෙදී ඇති මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයෙකු සැඩ පහරට හසු වී ගසාගෙන යන අවස්ථාවේ වතු කම්කරුවන් පිරිසක් ඔහු බේරා ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා කියාසිටී.
මේ අතර බගවන්තලාව කෙසෙල්ගමුඔයේ මාළු ඇල්ලීමට ගිය තරුණයන් දෙදෙනෙකු සැඩ පහරට හසු වී තේ වත්තේ සිටියදී කෙසෙල්ගමුඔයේ ජල මට්ටම පහත බැසීමෙන් පසු ඔවුන්ව බේරාගෙන තිබිණි.
කෙසෙල්ගමුඔයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අක්කර අඩි 60,000ක වපසරියකින් යුත් කාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 6 දක්වා ඉතා ආසන්න වී ඇති බවත්, අක්කර අඩි 94,000කට ආසන්න වපසරියකින් යුක්ත මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටටමට අඩි 2 දක්වා ආසන්න වී ඇති බවත් එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
කෙසෙල්ගමුඔයේ සැඩ පහරට හසු වූ තිදෙනෙකු බේරාගැනේ