වාහන ආදායම් බලපත්ර වංචාවේ සැකකරු රිමාන්ඩ්
වාහන ආදායම් බලපත්ර නිකුත් කිරිමේදී අනුගමනය කළ යුතු ක්රියාමාර්ගයට පටහැනිව දෙපාර්තමේන්තුවට හානි දායකවන ලෙස වාහන ආදායම් බලපත්ර නිකුත් කර, රුපියල් (443,176ක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දකුණු පළාත් මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ සේවකයා ලබන 28 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල ප්රධාන මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(14) නියෝග කළේය.