IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමියෝ අපවත් වෙති

(එෆ්.අස්ලම්)

කඩවත ගෝනහේන මූලගන්ධකූටි මහා විහාරය සහ වෑබඩ පුරාණ රජමහ විහාරය යන උභය විහාරයන්හි විහාරාධිපති සියනෑ අළුත්කූරු දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමියෝ අද (16) අපවත් වූහ.

අපවත් වනවිට 95 වන වියේ පසු වූ උන්වහන්සේ දෙල්ගොඩ කල්‍යාන ප්‍රදීප පිරිවෙනේ අධ්‍යක්ෂ ධූරයද දැරූහ.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේම්වරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ එස්.කේ.කේ.සූරියාරචිච් මහතා සමග එක්ව ප්‍රදේශයේ මහත් සේවාවක් සිදුකිරීමට කැපවූ පඤ්ඤාසීහ හිමියෝ  ගෝනහේන කණිෂ්ඨ විද්‍යාලය ,ගෝනහේන මහා විද්‍යාලය වර්තමානයේ තත්වයට පත්කිරීම ඇතුළු ප්‍රදේශයේ කළ කාර්යන් රැසක ගෞරවාදරයට පත් හිමිනමකි.

අවමංගල පූජෝත්සවය සෙනසුරාදා(19) පස්වරුවේ ගෝනහේන මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
 

 



අදහස් (0)

ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමියෝ අපවත් වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site