බස්රථයක් - මෝටර් රථයක් ගැටී අයෙක් මරුට බලන්ගොඩ රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඕපනායක මොරංතොට ප්‍රදේශයේ දී අද (14) බස්රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් කළ තරුණයෙකු එම ස්ථානයේදීම මියගෙස් ඇතැයි පොලිසිය පවසයි. 14 October 2019
නිදන් හෑරීමට පැමිණි 4ක් අත්අඩංගුවට අම්පාර මහඔය හෙනානිගල විහාරස්ථානයට නුදුරින් පිහිටි වනගත ප්‍රදේශයේ නිදන් හෑරීමට පැමිණ සිටි බව කියන පුද්ගලයින් හතර දෙනෙකු අද (14) අත්අඩංගුවට ගත් බව මහඔය පොලිසිය පවසයි. 14 October 2019
මෝටර් රථයක් ගිනි ගනී අනුරාධපුර සමූපකාර තොග වෙළඳ සංස්ථාව ආසන්නයේදී අද(14) මෝටර් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශයට පත්වූ බව අනුරාධපුර පොලිසිය පැවසීය. 14 October 2019
බාලවයස්කාර දරුවකු අපයෝජනය කළ සැරයන්ට සිරදඬුවම් වයස අවුරුදු 14 ට අඩු බාල වයස්කාර පිරිමි දරුවෙකු බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි හිටපු පොලිස් සැරයන්වරයකු වරදකරු බවට නිගමනය කළ උතුරුමැද පළාත් බද මහාධිකරණ විනිසුරු සහන් මාපා බංඩාර මහතා ඔහුට වසර 14 කුත් මාස 6 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අද (14) නියම කළේය. 14 October 2019
ගජබා රෙජිමේන්තුවේ 36 වැනි සංවත්සරය සැමරේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව පිහිටුවා වසර 36ක් සපිරීම නිමිත්තෙන් විශේෂ ආචාර පෙළපාලියක් අද (14) අනුරාධපුර සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු සරඹ පිටියේදී පැවැත්විණි. 14 October 2019
යුද්ධයේදී මියගිය ගජබා විරුවන් සිහිකර පුෂ්පෝපහාර උත්සවයක් ගජබා රෙජිමේන්තුවේ 36 වන සංවත්සරයට සමගාමීව මියගිය ගජබා රණවිරුවන් සිහිපත්කර පුෂ්පෝපහාර පිදීමේ උත්සවයක් අද (13) සවස සාලියපුර පිහිටි රණවිරු ස්මාරකයේ දී පැවැත්විීණි. 13 October 2019
ලක්ෂ හතරක රටබීම සමඟ අයෙක් පොලිස් දැලේ බලපත්‍ර නොමැතිව රටබීම අලවිකළ පුද්ගලයෙකු අද (13) සැකපිට අත්අඩංගුවට ගත්බව වැලිගම පොලිසිය කියයි. 13 October 2019
කුකුළු දඩයමේ ගිය අඳුන් දිවියා උගුලට අසුවෙයි වලහාපිටිය ප්‍රදේශයේ නිවසක කුකුල් කොටුවක අටවා තිබූ උගුලකට හසුවී සිටී අඳුන් දිවියකු වනජීවි නිලධාරීන්ට ඊයේ (12) භාර දී තිබුණි. 13 October 2019
හුරුලු වනෝද්‍යානයේ අලියෙක් වගා ළිඳකට වැටෙයි හබරණ හුරුලු පාරිසරික වනෝද්‍යානයේ සිටි අලියකු ආහාර සොයමින් අද(13) අලුයම පුවක්පිටිය ප්‍රදේශයේ සරමින් සිටියදී වගාළිඳකට වැටී ඇතැයි වන ජීවී නිලධාරීහු පැවසූහ. 13 October 2019
හමුදා කැබ් රථයේ ගැටී පාපැදිකරු මරුට අනුරාධපුර පුත්තලම ඒ4 මාර්ගයේ බුලංකුලමේදී යුද හමුදා කැබ් රථයක් සහ පා පැදියක් ගැටීමෙන් වූ අනතුරකින් පාපැදිකරු අද(13) මියගිය බව අනුරාධපුර පොලිසිය කියයි. 13 October 2019
නීතිවිරෝධීව වැලි ගොඩ දැමූ 5ක් අත්අඩංගුවට මාදුරුඔය නිදන්වල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව, නීතිවිරෝධීව වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකු අද(13) අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බලකාය පවසයි. 13 October 2019
මදුරන්කුලියේ ලී වෙළඳසැලක් ගිනි ගනී මුන්දලම මදුරන්කුලිය නගරයේ ලී වෙළඳසැලක අද(13) ඇතිවූ ගින්නකින් වෙළඳසැල සම්පූර්ණයෙන් විනාශ වූ බව මුන්දලම පොලිසිය පවසයි. 13 October 2019
වැලිකන්දේ අලියකුගේ සිරුරක් වැලිකන්ද, අසේලපුර ප්‍රදේශයේ තිබී වනඅලියෙකුගේ මළසිරුරක් අද(13) හමු වූ බව වැලිකන්ද පොලීසිය කියයි. 13 October 2019
සිසුවියක අපයෝජනය කළැයි අයෙක් අත්අඩංගුවට පාසල් සිසුවියක අපයෝජනය කළ බව කියන තරුණයෙකු අද (13) සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 13 October 2019
පානදුර වෙරළේ මළ සිරුරක් පානදුර වෙරළ උද්‍යානය ආසන්නයේ මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ පුද්ගල මළ සිරුරක් අද(13) හමු වූ බව පානදුර දකුණ පොලිසිය පවසයි. 13 October 2019
‘සංවිධානාත්මක පිරිසකගේ මූල්‍ය වංචාවලට හසුවෙන්න එපා’ දිවයිනේ සංවිධානාත්මක වංචාකරුවන් පිරිසක් සිදුකරන මහා පරිමාණ මුදල් වංචාකිරීම්වලට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 13 October 2019
ෆේස්බුක් සාදයක් වටලා 25ක් අත්අඩංගුවට අවිස්සාවේල්ල හැබිලියාන ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 25දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි. 13 October 2019
ගලගෙදර ආසන සංවිධායක ධූරයට විශ්‍රාමික මේජර් නිශ්ශංක පත්කරයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ ගලගෙදර ආසන සංවිධායක ධූරයට විශ්‍රාමික මේජර් ජනරාල් නිශ්ශංක රණවන මහතා පත්කර තිබේ. 13 October 2019
වනඅලි පහරකින් මිය ගිය අය බලා එද්දී අලියෙක් පහරදීලා වැලිකන්ද, අසේලපුර ප්‍රදේශයේදී වන අලියකු පහරදීමෙන් මිය ගිය තැනැත්තෙකුගේ මළ ගෙදරට ගොස් නැවත නිවස බලා එමින් සිටි අයකුට අද(13) අලියකු පහරදී ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. 13 October 2019
වල්ලාපට්ටා කිලෝ 8ක් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස මෝටර් රථයකින් වල්ලාපට්ටා කිලෝ 8ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (13) අලුයම ඉමදුව වතවන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බැව් ඉමදුව පොලිසිය පවසයි. 13 October 2019
දියේ ගිලී දැරියක මරුට වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශය හරහා ගලා බසින ඉසඞ්.ඩී ප්‍රධාන ඇලෙන් දිය නෑමට ගිය අවුරුදු 12ක දැරියක් අද(12) සවස දියේ ගිලීමෙන් මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි. 12 October 2019
ගිනි අවි 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට මොනරාගල කිවුලේආර ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ගිනි අවි 2ක් සමග පුද්ගලයෙකු අද (12) අත්අඩංගුවට ගෙන ඇතැයි මොනරාගල පොලීසිය පැවසීය. 12 October 2019
දරුවන් දෙදෙනාට පහරදුන් කුඩම්මා අත්අඩංගුවට නිවස තුල මුත්‍රා කළායැයි පවසමින් තම කුඩම්මාගෙන් අමානුෂික පහර කෑ 5 හැවිරිදි දරුවෙකු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර එලෙස දරුවාට පහරදුන් දරුවාගේ කුඩම්මා බව කියන කාන්තාවක අද (12) දින සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි. 12 October 2019
නීතිවිරෝධීව දුම්වැටි ගෙනආ අයෙකු අත්අඩංගුවට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (12) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 12 October 2019
වන අලියෙකු පහරදීමෙන් ආරක්ෂක භටයෙකු මරුට වැලිකන්ද, අසේල පුර ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් සිවිල් ආරක්ෂක භටයෙකු අද (12) අලුයම මරුමුවට පත්වී ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. 12 October 2019
පලායෑමට තැත් කළ සැකකරුට වෙඩිතබා අල්ලයි අධිකරණයේ කටයුතු නිමවීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැන යාමට තැත්කරමින් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ සිවිලිමට නැග සිටි සැකකරුවකු වෙඩිතබා මෙල්ලකර අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර බන්ධනාගාර නිලධාරීහු ඊයේ (11) රාත්‍රීයේ කටයුතු කළහ. 12 October 2019
ළිදකට වැටී මියගිය කාන්තාවකගේ මලසිරුරක් හමුවෙයි මතුගම තේ වතුයායක පිහිටි ළිදකට වැටී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මල සිරුරක් අද (11) හමු වූ බව මතුගම පොලිසිය කියයි. 11 October 2019
බස් අනතුරකින් තිදෙනෙක් රෝහලේ වාලච්චේන සිට වැලිකන්ද හරහා රිදීතැන්න දක්වා ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක් අද (11) වඩමුනේ වැව් බැම්මෙන් පහළට පෙරලී ගොස් සිදු වූ අනතුරෙන් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව වාලච්චේන පොලිසිය පවසයි. 11 October 2019
යතුරුපැදි සොරාගත් කාර්මිකයා රිමාන්ඩ් වසර කිහිපයක සිට බදුල්ල නගරයේ යතුරුපැදි සොරකම් කළ බවට සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අයෙකු මේ මස 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා අද(11)නියෝග කළේය. 11 October 2019
කෝවිලක් අසළ අනවසරෙන් මැණික් හෑරූ 7ක් අත්අඩංගුවට ගලහ පොලිස් වසමේ බව්ලාන වත්ත ප්‍රදේශයේ කෝවිලක් අසළ ළිඳක් හාරන මුවාවෙන් අනවසරෙන් මැණික් ඉල්ලමක් හෑරූ පුද්ගලයින් හත්දෙනෙකු අද(11) අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි. 11 October 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025