බාලවයස්කාර දරුවකු අපයෝජනය කළ සැරයන්ට සිරදඬුවම්
වයස අවුරුදු 14 ට අඩු බාල වයස්කාර පිරිමි දරුවෙකු බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි හිටපු පොලිස් සැරයන්වරයකු වරදකරු බවට නිගමනය කළ උතුරුමැද පළාත් බද මහාධිකරණ විනිසුරු සහන් මාපා බංඩාර මහතා ඔහුට වසර 14 කුත් මාස 6 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අද (14) නියම කළේය.