(ඩබ්ලිව්.ඒ. අසේල)
ගලහ පොලිස් වසමේ බව්ලාන වත්ත ප්‍රදේශයේ කෝවිලක් අසළ ළිඳක් හාරන මුවාවෙන් අනවසරෙන් මැණික් ඉල්ලමක් හෑරූ පුද්ගලයින් හත්දෙනෙකු අද(11) අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර කටුගස්තොට ප්‍රදේශය අවට පදිංචිකරුවන් වන අතර ඔවුන් දින ගණනාවක් තිස්සේ මෙම මැණික් ඉල්ලම කැපීමේ කටයුත්ත කර ඇත.
සැකකරුවන් සමග ඉල්ලම් කූරු, අලංවංගු, උදලු, කුළුගෙඩි ආදි උපකරණද අත් අඩංගුවට ගෙන ඇත.
ළිඳ කැපීමේ දී මතුවන ජලය බැසයාම සඳහා වෙනම කාණුවක්ද කපා ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කෝවිලක් අසළ අනවසරෙන් මැණික් හෑරූ 7ක් අත්අඩංගුවට