(ජේ.කේ.එල් චාමින්ද සහ ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
නීතිවිරෝධී ලෙස මෝටර් රථයකින් වල්ලාපට්ටා කිලෝ 8ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (13) අලුයම ඉමදුව වතවන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බැව් ඉමදුව පොලිසිය පවසයි.
පොලිස් නිලධාරින්ට සැක සිතී මෙම රථය පරීක්ෂා කිරීමේදී වල්ලපට්ටා තොගය සොයාගත් බැව් පොලිසිය පවසයි.
සැකකරුගේ සහායට මෙම මෝටර් රථයට පිටුපසින් යතුරු පැදියකින් පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් වයස අවුරුදු 31,22 හා 30 යන වියේ පසුවන අය බවද මොවුන් තිදෙනාම රක්වාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
වල්ලපට්ටා තොගය බෙලිඅත්තේ සිට රක්වානට රැගෙන යමින් සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී ඇත. කාර් රථයේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා ගෙන්වාගෙනඇත.
අත්අඩංගුවට සැකකරුවන් අද (13) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වල්ලාපට්ටා කිලෝ 8ක් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට