IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වන අලියෙකු පහරදීමෙන් ආරක්‍ෂක භටයෙකු මරුට

(ක.ග. කරුණාරතන සහ මනම්පිටිය නිමල් ජයරත්න)

වැලිකන්ද, අසේල පුර ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් සිවිල් ආරක්‍ෂක භටයෙකු අද (12) අලුයම මරුමුවට පත්වී ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.

ඒ සිද්ධියෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද, අසේල පුර, අංක 64 ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.එම්. සේනාරත්න නැමැති 34 හැවිරිදි අයෙකි.

සිවිල් ආරක්‍ෂක භටයා අලියාගේ පහරකෑමට ලක්ව ඇත්තේ සියනිවසේ සිට යතුරු පැදියකින් වැලිකන්ද දෙසට ගමන්කරමින් සිටියදී බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත.

වැලිකන්ද පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්‍ෂක ලසන්ත බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

වන අලියෙකු පහරදීමෙන් ආරක්‍ෂක භටයෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site