(උපාලි ආනන්ද)
වයස අවුරුදු 14 ට අඩු බාල වයස්කාර පිරිමි දරුවෙකු බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි හිටපු පොලිස් සැරයන්වරයකු වරදකරු බවට නිගමනය කළ උතුරුමැද පළාත් බද මහාධිකරණ විනිසුරු සහන් මාපා බංඩාර මහතා ඔහුට වසර 14 කුත් මාස 6 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අද (14) නියම කළේය.
ඊට අමතරව පැමිණිලිකාර දරුවාට මුදලින් රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6 ක සිර දඩුවමකටද විත්තිකරු යටත් කෙරිණි.
මෙසේ දඩුවම් නියම වූයේ මහියංගනය සොරබොරවැව පදිංචි ආර් එම් ජයරත්න බංඩාර නැමැති හිටපු පොලිස් සැරයන්වරයකුටය.
මෙම පොලිස් සැරයන්වරයා සක‍්‍රීය පොලිස් සේවයේ යෙදී සිටින අතරතුර මෙම වරද සිදු කර ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණ වීමෙන් පසුව ඔහු පොලිස් සේවයෙන් ඉවත් කර ඇත මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර වැඩිදුර විභාගය සදහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බාලවයස්කාර දරුවකු අපයෝජනය කළ සැරයන්ට සිරදඬුවම්