(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
අධිකරණයේ කටයුතු නිමවීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැන යාමට තැත්කරමින් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ සිවිලිමට නැග සිටි සැකකරුවකු වෙඩිතබා මෙල්ලකර අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර බන්ධනාගාර නිලධාරීහු ඊයේ (11) රාත්‍රීයේ කටයුතු කළහ.
අනුරාධපුර බන්ධනාගාර නිලධාරින් විසින් පැය 4කට ආසන්න කාලයක් එම මෙහෙයුම දියත් කළ අතර කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරින්ගේ සහය ද ඊට ලැබී තිබිණි.
මෙලෙස අධිකරණ ශාලාවේ සිරකුටියෙන් පැනයාමට උත්සාහ කර ඇත්තේ අධිකරණයේ විවෘත වරෙන්තුවක් මත ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ 11 කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ සැකකරුවෙකි.
අධිකරණයේ පැවැති නඩුකටයුතු නිමාවීමෙන් පසුව බන්ධනාගාර ගතකිරීමට නියමිතව අධිකරණ ශාලාවේ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කරමින් සිටි අවස්ථාවේ සැකකරු මෙලෙස පලායාමට උත්සහ දරා තිබිණ. එම සැකකරු මීට පෙර අවස්ථාවකදීද බන්ධනාගාරගතව සිටියදී බන්ධනාගාරයෙන් ද පැන ගොස් ඇති අයෙකු බවත් පොලිසිය කියයි.
බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් සැකකරු බන්ධනාගාර විශේෂ බස් රථයකින් කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත අතුළත් කිරීමට ද බන්ධනාගාර නිලධාරීහු කටයුතු කළහ.
පොලිසිය පවසන්නේ මෙලෙස බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත්තේ නිවාස බිඳුම් ඇතුලු චෝදනා එල්ලවී ඇති ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
පලායෑමට තැත් කළ සැකකරුට වෙඩිතබා අල්ලයි