( දිල්රුක්ෂි ග්‍රේරු)
මොරගහකන්ද-කළුඟග ජලාශ ව්‍යාපෘතියේ කළුගග වැඩ බිමට අයත් ටිපර් රියක් සහ එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් එකිනෙක ගැටීමෙන් ලග්ගල පල්ලේගම නගරයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ලග්ගල පල්ලේගම පොලීසිය කියයි.
කළුගඟ වැඩබිමට අයත් ටිපර් රියක් වැඩ බිමට යන අතරතුරදී දඹුල්ල දෙස සිට මහියංගණය දෙසට පැමිණි එළවළු ප්‍රවාහනය කළ ලොරියක් සමඟ ලග්ගල නගර මධ්‍යයේ පිහිටි වට රවුමේදී එකිනෙක ගැටීමෙන් අද (17) මෙම අනතුර සිදුව ඇත.
පුද්ගලයින් පස් දෙනකු මෙම අනතුරට මුහුණ පා ඇති අතර , එක් පුද්ගලයකුට කිසිදු හානියක් වී නැතැයි පොලීසිය කියයි.
තුවාල ලැබූ ටිපර් රථයේ ගමන් කළ පුද්ගලයින් තිදෙනා සහ එළවළු ලොරියේ සහයක ඇතුළු සිව් දෙනා මහියංගනය රෝහලට ඇතුළු කළ බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් එළවළු ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. ලග්ගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
රිය අනතුරකින් සිව් දෙනකු රෝහලේ