(ක.ගකරුණාරත්න)
ලංකා ගමනා ගමන මණ්ඩයට අයත් පොලොන්නරුව ඩිපෝවේ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අද (17) උදෑසන සිට බස් රථ ධාවන රාජකාරී කටයුතුවලින් ඉවත්ව වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
මේ හේතුවෙන් පොලොන්නරුව ලංගම ඩිපෝව මගින් කෙරෙන කෙටි හා දුර ගමන් සේවා සියල්ලක්ම ඇනහිට ඇත. පොලොන්නරුව ඩිපෝව සතුව ධාවනයට යොදවා තිබූ බස් රථ ගණන 130 ක පමණකි.
පෙර දිනයේ (16) සවස පොලොන්නරුව කදුරුවෙල ප‍්‍රධාන බස් නැවතුම ලංගම සහ පෞද්ගලික බස් රථවල සේවකයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සම්බන්‍ධයෙන් පොලොන්නරුව ලංගම ඩිපෝවේ ධාවන සහකාරවරයා පොලොන්නරුව පොලාසිය මගින් අසාධාරණ ලෙස අත් අඩංගුවට ගෙන ඇතැයි වැඩ වැරුමට එක්ව සිටින සේවකයෝ කියා සිටිති.
එයට විරෝධය පළකිරීමක් ලෙස ආරම්භ කර ඇති මේ වැඩ වර්ජනය ධාවන සහකාර කළමනාකරු නිදහස් කරන තෙක් අඛණ්ඩව කරගෙනයාමට තරණය කර ඇතැයිද සේවකයෝ පවසති.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
පොලොන්නරුව ලංගම බස් වර්ජනයක්