IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


රෙදිපිළි-මුදල් ඇතුළු භාණ්ඩ සොරාගත් අඹුසැමි යුවළ අත්අඩංගුවට

(අනීෂා මානගේ)
 
දිවයිනෙහි විවිධ ප්‍රදේශවල වෙළෙදසැල් සහ නිවෙස්වලට ඇතුළු වී විදුලි උපකරණ, රෙදිපිළි සහ මුදල් සොරකම් කළැයි සැකපිට අඹුසැමි යුවළක් සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි.
 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වීරකැටිය හකුරුවෙල වකුමුල්ල ප්‍රදේශයේ පදිංචි තිස්දෙහැවිරිදි අයකු, ඔහුගේ තිස් දෙහැවිරිදි බිරිය සහ තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ පදිංචි තිස්හය හැවිරිදි අයෙකු බව නිලධාරීහු කියති.
 
මාරවිල, කොස්ගම, කොට්ටාව ප්‍රදේශවල වෙළෙදසැල්වලට රාත්‍රි කාලයේ ඇතුළු වී විදුලි උපකරණ, රෙදිපිළි සහ දේපල සොරකම් කිරීම, අඟණකොළපෑලැස්ස ප්‍රදේශයේ නිවෙසකට දහවල් කාලයේදී ඇතුළු වී දේපළ සොරකම් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මොවුන් සැකකරුවන් වන බව පොලිසිය කියයි.
 
අඟුණකොළපෑළැස්ස පොලිස් වසමේදී පුද්ගලයකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වීරකැටිය හකුරුවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ප්‍රධාන සැකකරු වන වන පොලිසිය කියයි. තවද මෙම පුද්ගලයාට අත්තනගල්ල, මහර, පානදුර සහ වලස්මුල්ල අධිකරණවලින් වරෙන්තු නිකුත් කර තිබූ අයකු බව පොලිසිය කියයි.
 
සොරකම් කළැයි කියන භාණ්ඩවලින් කොටසක් අඟුණකොළපෑලැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් සොයාගෙන ඇති අතර රූපවාහිණි යන්ත්‍ර දහයක්, ලැප්ටොප් යන්ත්‍රයක්, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන දෙකක්, කුඩා ප්‍රමාණයේ ජංගම දුරකතනයක්, රෙදිපිළි, රූපවාහිණි යන්ත්‍රවල දුරස්ථ පාලක කිහිපයක් ඇතුළු භාණ්ඩ තොගයක් පොලිස් නිලධාරීහු සොයාගත්හ. සොයාගන්නා ලද මෙම භාණ්ඩ රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමක් ඇතැයි පොලිසිය කියයි.
 
 රූපවාහිණි යන්ත්‍රවල වෙළෙදපොළ වටිනාකමින් අඩක මුදලකට මෙම භාණ්ඩ විවිධ ප්‍රදේශවලට අලෙවි කර ඇතැයි පොලිසිය කියයි. වීරකැටිය, බරවකුඹුක, දික්වැල්ල, අකුරැස්ස, තංගල්ල සහ කුඩාවැල්ල ආදී ප්‍රදේශවල පුද්ගලයන්ට මෙම සොර භාණ්ඩ අලෙවි කර ඇතැයි සොයාගෙන තිබේ.



අදහස් (0)

රෙදිපිළි-මුදල් ඇතුළු භාණ්ඩ සොරාගත් අඹුසැමි යුවළ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32107 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14580 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 46 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site