සිසුන් විදේශගත කරන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට පාසල් සිසුන්ට විදේශගතවීමට අවස්ථාව සලසා එම රටවලදී කී‍්‍රඩා පුහුණුව ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන අවසානයේ අගරු චෙක්පත් ලබාදී වංචා කළ බව කියන පුස්තකාල සහායකයකු අද(23) අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි. 23 October 2019
දකුණේ පාසල්වල විභාග කාලසටහන ගැන ගුරු සේවා සංගමයෙන් චෝදනා නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පාසල් වාර පරීක්ෂණවලදී දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලබා දී ඇති කාලසටහන සිසුන් පීඩාවට පත්කරන්නක් බවට ගුරු සංගම් චෝදනා කරයි. 23 October 2019
ගිනි අවි දෙකක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට දඹුල්ල ඉහළ ඇරැවුල ප්‍රදේශයේ සතුන් මරා නගරයේ හෝටල් වලට අලෙවිකරණ ජාවාරම්කරුවන් දෙදෙනෙකු ගිනි අවි දෙකක් සමඟ දඹුල්ල දිස්ත්‍රික් අපරාධ පොලිස් කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 22 October 2019
මත්කුඩු සමඟ හිටපු පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට හිගුරක්ගොඩ පොලිසිය අසන්නයේ නිවසක් වටලා මත්කුඩු ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 700 ක් සමඟ හිටපු පොලිස් නිලධාරියෙකු සහ තවත් පුද්ගලයින් 11 දෙනෙකු අද (22) අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි. 22 October 2019
රාජාංගනය ජලාශයේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයකු මරුට රාජාංගනය ජලාශයේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයකු අද (22) දිය පහරට හසුවී මියගිය බව තඹුත්තේගම පොලිසිය කියයි. 22 October 2019
ගෑස් ළඟ තබාගෙන නෑ කියූ හිමිකරුට නඩු ගෑස් ළඟ තබාගෙන විකිණීම ප්‍රතික්ෂේප කළ බොරලැස්ගමුව වේරහැර ගංගාරාම පාරේ ගෑස් අලෙවි කිරීමේ වෙළඳසැලක හිමිකරුවකුට නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය අද (22) පියවර ගත්තේය. 22 October 2019
මහනුවර 201ක් අවතැන් මධ්‍යම පළාතට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 38ක්, පවුල් 49 ක් හා පුද්ගලයින් 201 අවතැන් වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා පැවසීය. 22 October 2019
බස් - ලොරි රථ අනතුරින් 7කට තුවාල පෞද්ගලික බස් රථයක් බලන්ගොඩ වැලිගෙපොළ ප්‍රධාන මාර්ගයේ දාමහන ප්‍රදේශයේදී ලොරි රථයක ගැටීමෙන් අද(22) සිදු වූ අනතුරකින් හත්දෙනෙකු තුවාල ලබා ඇත. 22 October 2019
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට - භික්ෂූවකට ඇතුළු 7 ගේ නඩුව දෙසැ.18 කැඳවයි භික්ෂූන් වහන්සේ නමකට සහ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහි නඩුව දෙසැම්බර් 18 දා කැදවීමට පොළොන්නරුව මහාධිකරණ විනිසුරු ඉන්දික සුමේධ සුරවීර මහතා අද (22) නියෝග කළේය. 22 October 2019
පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හප්පා පලා ගිය අයෙක් රිමාන්ඩ් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හප්පා පලාගොස් සැඟව සිටයදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු මේ මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය නියම කළාය. 22 October 2019
පරවියන් සොරකමේ ගිය සිසුන් තිදෙනාට ඇප පාසල් යන බව පවසා අනුරාධපුර නගරයට පැමිණි පෞද්ගලික ස්ථානයකින් රුපියල් 8000 ක් වටිනා පරෙවියන් පස් දෙනෙකු සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් සිසුන් තිදෙනෙකු වරද පිළිගැනීමෙන් පසු ඇප මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය. 22 October 2019
සුපිරි මඟේ යකඩ අලුත්වැඩියා කරමින් සිටි සේවකයෙක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ කිලෝ මිටර් 30.5 ප්‍රදේශයේ ආරක්ෂිත යකඩ වැට අලුත්වැඩියා කරමින් සිටි පිරිසක් වෙතට මෝටර් රථයක් කඩා වැදීමෙන් එක් සේවකයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. 22 October 2019
මාපාකඩ රක්ෂිතයේ පුවක් පැළ 1000ක් සිටුවති මහියංගන, මාපාකඩ වාරිමාර්ග කාර්යාලයට අයත් නාගදීප දික්කෙන්දයාය වාරිමාර්ග රක්ෂිතයේ පුවක් පැළ 1000ක් රෝපණය කිරීමේ වැඩසටහනක් අද (22) පැවැත්විණි. 22 October 2019
ආගරපතන වතුකම්කරුවෝ විරෝධතාවක දීපාවලී උත්සවයේ අත්තිකාරම් මුදල තමන්ට මෙතෙක් නොලැබුණු බව පවසමින් ආගරපතන, බැල්මොරල් වත්තේ වතු කම්කරුවෝ පිරිසක් අද (22) විරෝධතාවයක නිරතවූහ. 22 October 2019
ආරච්චිකට්ටුව කටුපත වැව වාන්දමයි දින කිහිපයක සිට පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ආරච්විකට්ටුව විජය කටුපත වැව වාන් දැමීම ආරම්භ කර ඇතැයි කටුපත ගොවි සමිතියේ සභාපති ජනක මනෝජ් මහතා ලංකාදීපයට පැවසීය. 22 October 2019
ලක්ෂ දෙකක දේපළ සොරාගත් දෙදෙනෙකු අත්අඩංගුවට අක්මීමණ, නරාවල, මුලන යන ප්‍රදේශයන්හි නිවාස රැසකින් ලක්ෂ 2කට අධික දේපළ සොරාගත් පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අද (22) අත්අඩංගුවට ගත් බව අක්මීමණ පොලිසිය කියයි. 22 October 2019
විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට බළන්ගොඩ නගරයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසළ අවමගුල් බැනරයක් එල්ලීමට ගිය 33 හැවිරිදි පුද්ගලයෙන් අද (21) රාත්‍රී විදුලි සැර වැදී මියගොස් ඇතිබව බළන්ගොඩ පොලිසිය පැවසීය. 21 October 2019
කාන්තාවක අපයෝජනය කළ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට හෝමාගම ගොඩගම අතුරු මාර්ගයකදී කාන්තාවක අපයෝජනය කිරීමට උත්සහ කළ බව කියන කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි. 21 October 2019
බද්දේගම කොස්ගහලන්ද පවුල් 15ක් නායයාමේ අවදානමක ගාල්ල, බද්දේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉඳුරුපත්විල ග්‍රාම නිලධාරි වසමේ පිහිටි කොස්ගහ කන්දේ පැලීම් නායයාමේ ලක්ෂණ මතුව ඇතැයි පවතින බව ප්‍රදේශවාසීහු කියති. 21 October 2019
නායායාමෙන් බලංගොඩ නිවාස 43කට හානි බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අර්ධ හානි තත්වයට පත් නිවාස 43 ක් හා ඉවුරු කඩාවැටීම් කීපයක් වාර්තා වන බව බලංගොඩ ප්‍රාදේශීය ලේකම් එච්. එම්. හේමන්ත බණ්ඩාර මහතා පැවසීය. 21 October 2019
අධික වැස්සෙන් හලාවත පවුල් 100ක් පීඩාවට ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හලාවත ප්‍රදේශයේ පහත්බිම් සියල්ල යටවී, පවුල් 100කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇත. 21 October 2019
පාස්කු ඉරු දින ප්‍රහාරයට සැකපිට බන්ධනාගාරගත කර සිටි තිදෙනෙකුට ඇප පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි තිදෙනෙකු එක් අයෙකු රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට නියෝග කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා සැකකරුවන්ගේ විදේස් ගමන් තහනම් කරමින් ගමන් බලපත්‍ර අධිකරණය බාරයට ගැනිමටද අද (21) නියෝග කළේය. 21 October 2019
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් අරී අද(21) රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘතකර ඇතැයි රාජාංගනය වාර්මාර්ග කාර්යාලය පැවසීය. 21 October 2019
බීමතින් පොලිස් නිලධාරීන්ට පහරදුන් 4ක් අත්අඩංගුවට බීමතින් කළහකාරීව හැසිරී පොලිස් නිලධාරීන් පිරිසකට පහරදුන් බව කියන සිව්දෙනෙකු අද(21) මින්නේරිය පොලිස් වසමට අයත් ගිරිතලේ පුරාණගමදී අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය කියයි. 21 October 2019
වයෝවෘද්ධ කාන්තාවක් ඝාතනය කරලා යාපනය, කොන්ඩාවිල් ප්‍රදේශයේ දී වයෝවෘද්ධ කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබියදී අද (21) අලුයම මළ සිරුර හමු වූ බවට යාපනය පොලීසිය පවසයි. 21 October 2019
ත්‍රිරෝද රථයක ගැටී අයෙක් මරුට බලන්ගොඩ කල්තොට මාර්ගයේ කිරිමැටිතැන්න හන්දයේදී ත්‍රිරෝද රථයක ගැටීමෙන් වු අනතුරකින්, පාර මාරුවෙමින් සිටි පුද්ගලයකු අද (21) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 21 October 2019
පිටරටින් එළු මස් ගෙන්වීම නවත්වන්නැයි විරෝධතාවක් ශ්‍රී ලංකාවට විදේශීය රටවලින් මහාපරිමාණයෙන් එළුමස් ආනයනය කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලා රජරට සත්ව පාලන ගොවි එකමුතුවේ ගොවියෝ අද(21) අනුරාධපුර පළාත් සභා සංකීර්ණය ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරත වූහ. 21 October 2019
කැබ් රියක ගැටී පාපැදිකරු මරුට මත්තල සූරියවැව මාර්ගයේ කුඩාඉඳිවැවදී අද(21) කැබ් රථයක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරෙන් පාපැදිකරු මිය ගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි. 21 October 2019
නව විදුහල්පතිට එරෙහිව කොටගල පාසලක විරෝධතාවක් නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල දමිල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සිටියදි අද (21) සිට සිංහල ගුරුවරයෙකු තාවකාලිකව විදුහල්පතිවරයා ලෙස පත් කිරීමට විරෝධය පාමින් එම විදුහලේ සිසුහු පාසල ඉදිරිපිට හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. 21 October 2019
සෝමාවතිය ජාතික උද්‍යානයේ දැව ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට සෝමාවතිය ජාතික උද්‍යානයට ඇතුළු වී එහි වූ දැව නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි සිව්දෙනෙකු අද (21) අත්අඩංගුවට ගත් බව සෝමාවතිය වනජීවී කාර්යාලයේ නිලධාරීහු පවසති. 21 October 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025