(ශාන්ත චන්ද්‍රසිරි)
දීපාවලී උත්සවයේ අත්තිකාරම් මුදල තමන්ට මෙතෙක් නොලැබුණු බව පවසමින් ආගරපතන, බැල්මොරල් වත්තේ වතු කම්කරුවෝ පිරිසක් අද (22) විරෝධතාවයක නිරතවූහ.
තම වත්තේ කම්කරුවන් 240 කු පමණ සේවයේ යෙදී සිටින බවත්, ඔවුන්ට දීපවාලී උත්සවය සඳහා ලබාදෙන රුපියල් 1000 ක අත්තිකාරම් මුදල මෙතෙක් වතු බලධාරීන් ලබා දීමට කටයුතු කර නොමැති බවත්, විරෝධතාවයේ නිරත කම්කරුවෝ පැවැසූහ.
දීපාවලී උත්සවය පැවැත්වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණක් බැවින් කඩිනමින් එම අත්තිකාරම් මුදල් ලබා දෙන ලෙස විරෝධතාවයේ නිරත පිරිස වැඩිදුරටත් කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd