(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ඉහළ ඇරැවුල ප්‍රදේශයේ සතුන් මරා නගරයේ හෝටල් වලට අලෙවිකරණ ජාවාරම්කරුවන් දෙදෙනෙකු ගිනි අවි දෙකක් සමඟ දඹුල්ල දිස්ත්‍රික් අපරාධ පොලිස් කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල ඉහළ ඇරැවුල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සහ 19 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.
දඹුල්ල දිස්ත්‍රික් අපරාධ ඒකකයට ලැබුණු තොරතුරක් මත දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදී පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගිනි අවි දෙක වන සතුන් ඝාතනය සඳහා යොදා ගෙන ඇති බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිවී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd