මාර්ගයක් අසළට කසළ බැහැර කළ අයෙකුට දඩ මාර්ගයක් අසළ අක්‍රමවත් ලෙස කසළ බැහැර කළ පුද්ගලයකුට රුපියල් 4,500ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (24) දා නියෝග කළේය. 24 October 2019
රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් මරුට හබරාදුව දික්කුඹුර මාර්ගයේ කටුකුරුන්දේදි අද (24) දහවල් ලොරියක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණලා හැපිමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේම මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 24 October 2019
ඉන්දියානු ගිරවුන් සොරාගත් තිදෙනෙකු අත්අඩංගුවට නුගේගොඩ, උඩහමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසකට ඇතුළු වී රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමින් යුතු ඉන්දියානු ගිරවුන් 19දෙනෙකු සොරාගත් තිදෙනෙකු අද(24) අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි. 24 October 2019
ආයුර්වේද සම්බාහන කියා ගණිකා ජාවාරම් කළ මධ්‍යස්ථානයක් වටලයි මීගොඩ නඩුහේන ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන ආයතන නමින් පවත්වාගෙන ගිය ගණිකාවන් කුලියට ලබාදෙන මධ්‍යස්ථාන දෙකක් වටලා එහි සිටි කාන්තාවන් 8 දෙනෙකු සමඟ කළමණාකාරවරයකු බව කියන පිරිමි පුද්ගලයකු අද (24) සැකපිට අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 24 October 2019
ඌවේ තැන තැන කසළ බැහැරකළොත් දඩය 50,000යි ඌව පළාතේ විවිධ ස්ථානවලට කසළ බැහැර කරන පුද්ගලයින්ට දැනට අධිකරණයෙන් නියමව ඇති රුපියල් 5,000ක දඩය 50,000 දක්වා වැඩිකිරීමට පියවර ගෙන තිබෙන බව ඌව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අද(24) පැවසීය. 24 October 2019
ප්‍රතිකාර මදි යැයි වෛද්‍යවරයකුට තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට ලබාදුන් ප්‍රතිකාර ප්‍රමාණවත් නොවන බව පවසමින් තලාතුඔය, උඩුවෙල ග්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගේ නිල නිවසට ගොස් බැණ වැදී තර්ජනය කළ පුද්ගලයෙකු අද (24) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය කියයි. 24 October 2019
විදුලි සැර වැදී තරුණයෙක් මරුට විදුලි සැර වැදීමෙන් බරපතල තුවාල ලැබූ කන්දකැටිය ප්‍රදේශයේ තරුණයකු අද (24) කන්දකැටිය රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගන රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව කන්දකැටිය පොලිසිය පවසයි. 24 October 2019
මහවැස්සෙන් මන්නාරමේ පවුල් 300ක් පීඩාවට වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මන්නාරමේ ජීවපුරම්, සිම්රොන් නගර් සහ ශාන්තිපුරම් යන ප්‍රදේශවල පවුල් 300කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිති. 24 October 2019
සෝමාවතී උද්‍යානයේ දඩයමේ ගිය දෙදෙනෙක් අත්අඩංගුවට සෝමාවතිය ජාතික උද්‍යානයේ පුල්ලියාඩි පට්ටි ප්‍රදේශයේ දි හක්කපටස් යොදා වල් ඌරෙකු ඝාතනය කර රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හක්කපටස් 5ක් සමඟ අද (24) අත්අඩංගුවට ගත් බව සොමාවැතිය වනජීවී කාර්යාලය පවසයි. 24 October 2019
නිවාසවල මදුරුවන් බෝ කළැයි 11කට දඩ මැසි මදුරුවන් බෝවන ආකාරයෙන් නිවාස පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවෙස් හිමියන් 11දෙනෙකුට රුපියල් 16,500 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (24) නියෝග කළේය. 24 October 2019
හම්බන්තොට අතුරු වෛද්‍ය සේවා වර්ජනයෙන් රෝගීන් පීඩාවට හම්බන්තොට මහ රෝහලේ අතුරු වෛද්‍ය සේවයේ නියැළී සිටින සියලු නිලධාරීන් අද(24) ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් රෝහලේ දෛනික සේවා කටයුතු අඩාලවී ඇතැයිද, මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටින ප්‍රදේශවාසීන් අපහසුතාවට පත්ව ඇතැයිද රෝගීහු පවසති. 24 October 2019
දුම්රියක ගැටී පුද්ගලයෙක් මරුට බේරුවෙල පොලිස් බල ප්‍රදේශයේදී දුම්රියක ගැටි බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අද (24) මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි. 24 October 2019
යතුරු පැදි අනතුරකින් නාවික සෙබළා මරුට නාවික සෙබළකු පැදවූ යතුරු පැදියක් පමුණුගම,පිංකොටුව හන්දියේදී අද (24) අනතුරට ලක්වීමෙන් නාවික සෙබළා මිය ගොස් තිබේ. 24 October 2019
තංගල්ලේ නිවසක් ඉදිරිපිට පුද්ගල මළසිරුරක් තංගල්ල කඳුරුපොකුණ දෙහිගහහේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අද(24) උදෑසන පුද්ගල මළ සිරුරක් තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 24 October 2019
බස් රථ 2ක් ගැටී රියදුරෙක් මරුට - 44කට තුවාල පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ප්‍රදේශය ආසන්නයේදී බස් රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් රියදුරකු මිය ගොස් 44දෙනෙකු තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 24 October 2019
සා.පෙ ප්‍රායෝගික පරීක්ෂණ 28 වැනිදා ඇරඹේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2019) විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ මෙම 28 වැනිදා සිට නොවැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 23 October 2019
‘‘දිළිඳු පවුල් ලක්ෂ 20 ක ආදායමයි ධනවත් පවුල් 100 ක ආදායමයි සමානයි‘‘ අපේ රටේ ආර්ථික අර්බුදයට හේතුව ආර්ථික සාධාරණත්වයක් නැති වීම බවත් ඉහළ පන්තියේ පවුල් 100ක ආදායම දුප්පත් පවුල් ලක්ෂ 20ක ආදායමට සමාන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක දුමින්ද නාගමුව මහතා කීය. 23 October 2019
‘‘පාස්කු ප්‍රහාරය ගැන වාර්තාව පිළිගැනීමට නොහැකියි‘‘ පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු වූ රාවුෆ් හකීම් ඇමැතිවරයා පිළිබඳ පසුගියදා අනාවරණය වූ තොරතුරු අනුව එම වාර්තාව අපක්ෂපාතී සාධාරණ වාර්තාවක් ලෙස පිළිගැනීමට නොහැකි යැයි දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 October 2019
ජල රක්ෂිත ආරක්ෂා කිරීමට පැළ 50000 ක් සිටුවීමේ ව්‍යාපෘතියක් ජල රක්ෂිත ආරක්ෂා කර ගැනීම සඳහා බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව මගින් එම රක්ෂිතවල පැළ 50,000 ක් සිටුවීමේ ආරම්භක පියවර අද (23) බණ්ඩාරවෙල අධිකාරම් ප්‍රාථමික විද්‍යාලයේ ජල රක්ෂිතයෙන් ආරම්භ විය. 23 October 2019
‘තව්හිද්‘ ලෙස මූස්ලිම් පල්ලි 16 ක් ‘‘තවුහිද් ජමාද්’’ මුස්ලිම් පල්ලි ලෙස ලියාපදිංචි කිරීමක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ සිදුකර නොමැති අතර ‘‘තවුහිද්’’ නමින් පල්ලි 16 ක් ශ් රීලංකාවේ පිහිටුවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (23) කරුණු වාර්තා කර ඇත. 23 October 2019
හැඳුනුම්පත් මුද්‍රණ කාඩ්පත් අවසන් වෙයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත් මුද්‍රණය කරන කාඩ්පත් අවසන් වීම හේතුවෙන් හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණෙන්නන් සදහා වෙනත් තාවකාලික සහතිකයක් ලබාදීමට සිදුව ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 23 October 2019
සැකකටයුතු පුද්ගලයින් පස්දෙනෙකු ජාඇළින් අත්අඩංගුවට ඉන්දීය ජාතිකයින් තිදෙනකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු සැකකටයුතු ලෙස වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී නාවික හමුදාව අද(23) ජා ඇළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබු බව ජා ඇළ පොලිසිය කියයි. 23 October 2019
මත්කරල් 1200ක් සමඟ අයෙක් අත්අඩංගුවට පාසල් සිසුන්ට සහ හෙරොයින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන්ට මත්කරල්අලෙවි කරන පුද්ගලයකු මත්කරල් 1200ක් සමඟ අද(23) පයාගලදී අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි. 23 October 2019
විදුලි සැර වැදීමෙන් වඩු කාර්මිකයා මරුට විදුලි සැර වැදීමෙන් වීරකැටිය කටුවැව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වඩු කාර්මිකයෙකු අද (23) සවස මියගොස් ඇති බව වීරකැටිය පොලිසිය පවසයි. 23 October 2019
මහජන ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීම තවදුරටත් මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි තවදුරටත් ත්‍රිවිධ හමුදාව යෙදවීම සඳහා වන ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබේ. 23 October 2019
දරුවන් - මාපියන් නොසන්සුන් කරමින් දේශපාලන වාසි ගන්නවා අවස්ථාවාදී දේශපාලන ක්‍රියාකාරීන් විසින් දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් පාසල් දරුවන් සහ දෙමාපියන් අතර නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිකිරීමට උත්සාහ දරණ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 23 October 2019
ලක්ෂ 15 ක ටයර් සොරා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට ටයර් අලෙවි වෙළඳසැල් බිඳ රුපියල් ලක්ෂ 15 කට ආසන්න ටයර් තොගයක් සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 23 October 2019
හෙරොයින් ජාවාරම්කරුවෙක් රක්ෂිත බන්ධනාගාරයට විද්‍යුත් ක්‍රමයට මුදල් හුවමාරුකර , ගාල්ලේ සිට හම්බන්තොට හෙරොයින් මත් කුඩු ගෙනැවිත් අලෙවි කළ ප්‍රධාන ජාවාරම්කරු හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජේ.ඒ.නාලක සංජිව ජයසුරිය මහතා අද (23) නියෝග කෙරුණි. 23 October 2019
ඩයනා ගමගේ එජාප වව්නියාව ආසන සංවිධායක ධූරයට සමාජ ක්‍රියාකාරිනියක, දේශපාලන ක්‍රියාධාරිනියක හා කලා සංවිධාන කිහිපයක සභාපතිනියක වන ඩයනා ගමගේ මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ වව්නියා දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක ධූරයට පත් කර ඇත. 23 October 2019
කැබ් රථයක ගැටී දෙදරු මවක් මරුට බුලත්සිංහල, වලව්වත්තේ කැබ් රථයක ගැටීමෙන් අද(23) දෙදරු මවක මියගොස්, දියණියක තුවාල ලබා ඇතැයි මීරිගම පොලිසියේ රථවාහන අංශය කියයි. 23 October 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025