IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හම්බන්තොට අතුරු වෛද්‍ය සේවා වර්ජනයෙන් රෝගීන් පීඩාවට

 (සනත් ගමගේ)
 
හම්බන්තොට මහ රෝහලේ අතුරු වෛද්‍ය සේවයේ නියැළී සිටින සියලු නිලධාරීන් අද(24) ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් රෝහලේ දෛනික සේවා කටයුතු අඩාලවී ඇතැයිද, මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටින ප්‍රදේශවාසීන් අපහසුතාවට පත්ව ඇතැයිද රෝගීහු පවසති.
 
බාහිර රොගී අංශයේ  ඖෂධ නිකුත්  කිරීම, රෝගීන්ගේ රුධිර පටල පරීක්ෂාව, එක්ස් කිරණ පරීක්ෂාව ඇතුළු අතුරු වෛද්‍ය සේවාවට අයත් සියලු කාර්යන් නැවතී ඇතැයිද ඔවුහු කියති.
 
හම්බන්තොට නව මහ රෝහලේ අතුරු වෛද්‍ය නිලධාරීන් වෙනුවෙන් ප්‍රධාන ඖෂධවේදියාට වෙන්කර  තිබූ නේවාසිකාගාරය බලහත්කාරයෙන් හෙදහෙදියන් අයත්කරගැනීම සම්බන්ධයෙන්, පොලිසිය  නීතිය ක්‍රියාත්මක නොකළැයි විරෝධය පළකරමින් වැඩවර්ජනය සිදුකරන බව අතුරු වෛද්‍ය සේවාවේ නිලධාරීහු පවසති.
 
හම්බන්තොට ‍නව මහ රෝහල නිල වශයෙන් විවෘත කර මාස හතරක් පමණ ගත වුවත් හෙද හෙදියන්ගේ සහ අතුරු වෛද්‍ය සේවාවේ යෙදී සිටින නිලධාරීන්ගේ නේවාසික ගැටලු හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර ගත නොහැකිවී ඇති අතර, වර්ජන හේතුවෙන් හම්බන්තොට පැරණි රෝහලට ද පැමිණෙන රෝගීන්ට සත්කාර නිසි ලෙස සිදු නොවන බවද ඔවුහු කියති.
 
හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය රවීන්ද්‍ර අබේසූරිය මහතා කියාසිටියේ අතුරු වෛද්‍ය සේවාවේ යෙදෙන නිලධාරීන් හා රෝහලේ හෙද හෙදියන් අතර ඇතිව තිබෙන නේවාසික ප්‍රශ්නයට දෙපාර්ශවයේම නම්‍යශීලි භාවයක් නොමැති හෙයින් මෙම ප්‍රශ්නය විසඳීම අසිරු කරුණක් වී ඇති බවයි.

ප්‍රධාන ඖෂධවේදියාට වෙන්කර තිබූ නේවාසිකාගාරයට හෙදහෙදියන් බලහත් කාරයෙන් ඇතුළු වී තවදුරටත් එහි සිටීම හා අතුරු  වෛද්‍ය සේවාවේ යෙදෙන අය සඳහා එම නේවාසිකාගාරය යළි ලබා දෙන ලෙස ඉල්ලා සිටීම සම්බන්ධයෙන් දෙපාර්ශවයම කරුණු ඉදිරිපත් කළ බවද, ප්‍රශ්නය තවදුරටත් දිග්ගැස්සෙමින් පවතින බවද වෛද්‍ය අධිකාරිවරයා කීය.

නව රෝහලේ වැඩ ආරම්භ කිරීමට වෛද්‍යවරුන් හා හෙදහෙදියන් කැමැත්ත පළ කර ඇති නමුත්, අතුරු වෛද්‍ය සේවාවේ යෙදෙන පිරිස අකමැතිවීම  ගැටලුවක් වී ඇති බව වෛද්‍ය අධිකාරීවරයා කීය.           



අදහස් (0)

හම්බන්තොට අතුරු වෛද්‍ය සේවා වර්ජනයෙන් රෝගීන් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 881 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site