(ඩයනා උදයංගනී)
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි තවදුරටත් ත්‍රිවිධ හමුදාව යෙදවීම සඳහා වන ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනය ඊයේ (22) සිට බලපැවැත්වෙන අයුරින් නිකුත් කර ඇත.
පාස්කු ඉරිදා දින සිදුවූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව මාස හතරක් තිස්සේ ක‍්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය ඉකුත් අගෝස්තු මාසයේදී අවසන් වූ අතර ඉන්පසුව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය.
ඒ සඳහා වන පළමු ගැසට් නිවේදනය ඉකුත් අගෝස්තු 22 වැනිදා නිකුත් කෙරුණු අතර ඉන් දෙමසකට පසු ත්‍රිවිධ හමුදා කැඳවීම තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපතිවරයා යළිත් මෙලෙස ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහජන ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීම තවදුරටත්
සමන්ත Wednesday, 23 October 2019 01:21 PM
කොහෙන්දෝ ඇවිත් රට කෑවා මදිවට යන්න කලින් තවත් රට කන්න හදනවා. දන්න දේශපාලනයකුත් නෑ. ආරක්ෂාවකුත් නෑ. ගැසට් නිවේදන ගහ ගහ තවත් ඉන්නවා. යන්නකෝ යන්න පව් නොදී ...
lanka Wednesday, 23 October 2019 03:08 PM
තව සති 2 යි. මරු පෙනිලා ඉන්නේ. මොනවයින් මොනවා කරයිද යන්නේ නැහැ. කතාවකුත් තියෙන්නේ යන යකා යන්නේ කොරහත් බිඳගෙන කියලා. අන්තිම මාස 6ම රටට කරදර පිට කරදර... පාස්කු බෝම්බ වැලෙන් පටන් ගත්තා. ඊට පස්සේ හැමතැනම මුරපොළවල්. දැන් මාස 4ක් තිස්සේ එකදිගට වහිනවා. ගංවතුර, සුළිසුළං, වාහන අයිතිකාරයෙක්ට පාරේ වාහනයක් නවත්වලා නිදහසේ කොහේටවත් යන්න බැරි තැනට රට වැටුණා. කොහොම හරි මේ අන්තිම සති 2 ගෙවාගන්න වෙනවා.. නමුත් යකාට නම් අවුලක් නැහැ කොහෙට ගියත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොරහ තමයි බිඳෙන්නේ.
ලුම්බිණි Wednesday, 23 October 2019 11:46 PM
ඇයි පොලිසියට මොකද වෙලා තියෙන්නේ? රටේ යුද්ධයක් නැහැ නේද?