IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඩයනා ගමගේ එජාප වව්නියාව ආසන සංවිධායක ධූරයට

(නිමල කොඩිතුවක්කු)

සමාජ ක‍්‍රියාකාරිනියක, දේශපාලන ක‍්‍රියාධාරිනියක හා කලා සංවිධාන කිහිපයක සභාපතිනියක වන ඩයනා ගමගේ මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ වව්නියා දිස්ත‍්‍රික්කයේ ආසන සංවිධායක ධූරයට පත් කර ඇත.

මෙයට අදාළ පත්වීම එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කොළඹ අරලියගහ මන්දිරයේදී ඇය වෙත පිළිගැනවනු ලැබීය.

ඩයනා ගමගේ මහත්මිය දෙමළ භාෂාව මනාව හසුරුවන්නියක් වන අතර උතුරේ දරුවන්ගේ සුබ සාධනමය කටයුතු උදෙසා වන සංවිධාන ගණනාවක මූලික කාර්යයන් ද ඇය විසින්  ඉටුකරනු ලබයි.

එක්සත් ජාතික පක්ෂයේ වනිතා සංවිධානයේ සභාපතිවරිය වන ඇය එංගලන්තයේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන්  නීතිවේදී උපාධිය ලබා , නොර්ත් හැම්ටන් විශ්ව විද්‍යලයෙන් පශ්චාත්  කළමනාකරණ උපාධිය හිමිකර ගෙන ඇත.

වව්නියා දිස්ත‍්‍රික්කයේ ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් එම දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය කරා මෙහෙයවන බව පත්වීම ලැබීමෙන් පසුව  ඇය සඳහන් කළාය.

යුද්ධයෙන් පසුව උතුරු පළාතේ ජනතාවගේ ගැටළු හඳුනා ගනිමින් එම ප‍්‍රදේශය  සංවර්ධනය කරමින් ජනතාවගේ ආර්ථික සමාජීය තත්ත්වය වර්ධනය කිරීමට කටයුතු කරන බවත් ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.



අදහස් (0)

ඩයනා ගමගේ එජාප වව්නියාව ආසන සංවිධායක ධූරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 881 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site