(ඩයනා උදයංගනී)
අවස්ථාවාදී දේශපාලන ක‍්‍රියාකාරීන් විසින් දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් පාසල් දරුවන් සහ දෙමාපියන් අතර නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිකිරීමට උත්සාහ දරණ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ආරක්‍ෂාව මුල්කරගනිමින් ඇතැමුන් විසින් ගෙනයන ප්‍රෝඩාවන්ට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද එම අමාත්‍යාංශය සදහන් කරයි.
පාසලක සිටින සියලු සිසුදරුවන්ගේ භාරකාරත්වය හා ආරක්ෂාව සම්බන්ධ පූර්ණ වගකීම විදුහල්පති හා සමස්ත කාර්ය මණ්ඩලය වෙත පැවරෙන බවත් පාසල් පරිශ‍්‍රය තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ප‍්‍රධානීන් වෙත මේ වනවිටත් ලබා දී ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය කියා සිටී.
මාතර දිස්ත‍්‍රික්කයේ පළාත් සභා පාසල් තුළ විදුහල්පතිවරුන් දෙමව්පියන් කැඳවා ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට ඊයේ (22) දිනයේ දී කටයුතු කිරීම සම්බන්ධව අනාවරණය වූ තොරතුර කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බවත් ආරක්ෂාව මුල් කරගනිමින් ඇතැම් පාර්ශවකරුවන් විසින් සිදුකරනු ලබන දේශපාලන ප්‍රෝඩාවන්ට නොරැවටෙන ලෙසත්, සිසු දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ කාරණයේ දී වගකීමෙන් හා විචාරශීලීව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය එහි දක්වා තිබේ.
අවස්ථාවාදී දේශපාලන ක‍්‍රියාකාරීන් විසින් දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් පාසල් දරුවන් සහ දෙමව්පියන් තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති කිරීමට දරන උත්සාහයන් ද මෙම පූර්ව මැතිවරණ සමයෙහි පැවතිය හැකි හෙයින් ඒ සියලු ක‍්‍රියාකලාප කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය සමස්ත පාසල් වෙත දැනුම් දී තිබේ.
එම නිවේදනය පහතින් දැක්වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආරක්ෂාව, ජාත්‍යාලය, විදේශීය බලපෑම්, බෙදුම් වාදය අලෙවි කිරීමට ඇත.
ජාතික ආරක්ෂාව, ජාත්‍යාලය, විදේශීය බලපෑම්, බෙදුම් වාදය, යන වචන අලෙවි කිරීමට ඇත. විමසන්න වීරවංශ ගම්මන්පිල දෙබෑයන්...
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති ලිපිය පක්ෂග්‍රාහි නොවූවත් මෙවැනි පැරණි මෝඩක්‍රම සහ මෝඩ මානසිකත්වය (නිලධාරීන්ගේ හෝ ඊට ඉහල අයගේ) "green letter heading" තවමත් තිබෙනවද කියා සිතා ගන්නටවත් බැරිය... රජය කුමක් වුවත් ලිපි ලියන "papers " සුදුපාට විය යුතුය. රටේ අධ්‍යාපනය කොළපාට විය යුතු නැත.
ආරක්ෂාව ගැන බය වෙන්න එපා කියනවා. නැවතත් ආරක්ෂාව ගැන අවධානයෙන් ඉන්න කියනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව මොනවද මේ රජය කළේ? ජාතික ආරක්ෂාව අන් සියල්ලට වඩා වටිනා දෙයක්. එහෙත් මේ පවතින පාලනයෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ..
ජාතිවාදය වපුරා, රට තුල බිහිසුණු තත්වයක් නිර්මාණය කොට බලයට පැමිණෙන්න උත්සාහ කරන කණ්ඩායම ගැන මේ මුළුරටම දන්නවා. සිංහල හා මුස්ලිම් දෙපැත්තේම අන්තවාදී කණ්ඩායම් එක ලෙස පෝෂණය කරමින් බෝම්බකරුවන් නිර්මාණය කලේ කවුද කියන එක අමුතුවෙන් ලිවිය යුතු නැහැ. ඩෑන් ප්‍රියසාද් හා අමිත් වීරසිංහ සහ අන්තවාදී චීවරධාරීන් මේ දිනවල නිහඬ ඇයි? පිළිතුර පැහැදිලියි. මේ මුළුරටම කුඩා කණ්ඩායම් වලට කඩා බෙදා සිවිල් සමාජය බෙදා බලය ලබා ගැනීම තමයි මොවුන්ගේ එකම අරමුණ...