(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ටයර් අලෙවි වෙළඳසැල් බිඳ රුපියල් ලක්ෂ 15 කට ආසන්න ටයර් තොගයක් සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවකු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 350 ක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
ඉකුත් මාස තුනක පමණ කාලයක් තුළ පෑලියගොඩ - කැලණිය හා බියගම පොලිස් වසම්වල ටයර් අලෙවි වෙළඳසැල් හි ටයර් සොරාගෙන යාම සම්බන්ධයෙන් එම පොලිස් ස්ථාන මගින් පරීක්ෂණ පවත්වමින් සිටි බවත්, ඒ අතර මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd