(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ, උඩහමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසකට ඇතුළු වී රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමින් යුතු ඉන්දියානු ගිරවුන් 19දෙනෙකු සොරාගත් තිදෙනෙකු අද(24) අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් අය අතර, ව්‍යාපාරිකයකු, ත්‍රිරෝද රථ රියදුරකු සහ සොරකම් ගණනාවකට සම්බන්ධ අයෙකුද වන බව පොලිසිය කියයි.
සොරාගෙන ඇත්තේ රින් නෙක් වර්ගයේ ගිරවුන් 19කි.
ඉකුත් 9 වැනි දින රාත්‍රියේ ගිරවුන් මිලදීගැනීමේ මුවාවෙන් එම නිවසට ඇතුළු වී, ව්‍යාපාරිකයාගේ වියපත් පියාගේ දෑත් බැඳ දමා මොවුන් ගිරවුන් සොරාගෙන ගොස් තිබිණි. ඔවුන් නිවසේ තිබූ සී.සී.ටී.වී කැමරා පද්ධතියේ කොටස්ද රැගෙන ගොස් ඇත.
කවුඩාන, අත්තිඩිය සහ අඟුලාන යන ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්නකිරීම්වලදී කොල්ලකෑ ගිරවුන්ගෙන් පස්දෙනෙකු ඔවුන් සතුව තිබී සොයාගත් බවද, පොලිසිය කියයි.
මිරිහාන පොලිසිය ලද තොරතුරකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්දියානු ගිරවුන් සොරාගත් තිදෙනෙකු අත්අඩංගුවට